Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

 ශ‍්‍රී ලංකාවේ ජාතික පුෂ්පය නිල් මානෙල් මලය. (Purple Lotuss යනු නිල් මහනෙල් මලට යොදන ඉංග‍්‍රීසි නාමයක වේ.) එය ජාතික ධජය, ජාතික ගීය, රාජ්‍ය ලාංඡනය සේ උත්තරීතරය. ගෞරවාන්විතය. එහෙත් ‘සුන්දර කොළඹ’ සුන්දර කිරීමට මරදාන දුම්රියපල හන්දියේ බහුජාතික සමාගමක වෙළඳ ප‍්‍රචාරණ පුවරුවක නිල් මහනෙල් මලක නිරුවතින් වැතිර සිටින නිරූපිකාවකගේ දර්ශණයක් දැකිය හැකිය.ප‍්‍රචාරනයට මල් යොදා ගැනීම උදහසට කරුණක් නොවේ.

එහෙත් ජාතික පුෂ්පයක ‘රොන් කෙමිය’ නිරූපිකාවකගේ නිරුවත් පශ්චාත් භාගය ස්පර්ශ කිරීම දුකක්ය.
‘අඹ ගෙඩියක් වගේ රටක් තියෙවන  ඕයි’ කියන ගීතය තහනම් කල දේශයක, සම්භාව්‍ය චිත‍්‍රපටයක යථාර්තවත් වැඩිහිටි දර්ශණයක් නිසා සමස්ථ චිත‍්‍රපටයම තහනම්කල දේශයක, මත්පැන් දුම්වැටි රූපවාහිනී ප‍්‍රදර්ශණයෙන් ඉවත් කල දේශයක ‘සංස්කෘතික පොලිස්කාරයන්ට’ මේ අමනකම නොපෙනුනේද? එවුනට පෙනුනද බහුජාතික මුදලට යටවුනාවත්ද?

මේ දිනවල ‘කොළඹ’ සුරපුරක් කිරීමට විවිධ උනන්දුය. නගර සභා, නාගරික අධිකාරී එකෙකුට එකෙක් නොදෙවෙනිව නගරාලංකරණයට පොරයේය. ඒත් කොලඹ ප‍්‍රචාරන පුවරුවල හෙළුවෙන් සනීප සුව විඳින ගැහැණු රූප ප‍්‍රසිද්ධියෙ ප‍්‍රදර්ශණයේය.එදා නිල් මහනෙල් මල රට තුළ දේශපාලන බලාධිකාරියේද ලොකු බලපෑමක් කලේය. එනිසා මානෙල් මල ගැන මෙයට වඩා සිතිය යුතුය. එපමණකදු නොව, බුදුන් ජීවමාන කලටද වඩා උසස් හා ප‍්‍රසිද්ධ බෞද්ධ යතිවරුන් සිටින මෙවැනි යුගයක පන්සල් මල් නාමාවලියේ පාරිශුද්ද මලක ලෙස පිළිගත් නිල් මහනෙල් මල ‘බාත් ටබ්’ එකක් වීම ගැන උන්නාන්සේලා කල නොකිරී සිටින්නේ කෙලෙස් නොනැසුව නිසාවත්ද?

ගැහැණුන්ගේ කොට ගවුම් දික් කරන්නට දඟලන ‘සංස්කෘතිකයිනි’ ජාතික පුෂ්පය තුල ස්වයං වින්දයේ යෙදෙන හෙළුවැලි ගැහැණුන් නොදුටුවේ සුන්දර කොළඹට පැමිණෙන සිවුදිග ජනතාවට සිත් සේ නේත‍්‍රකාමය විඳින්නට ඉඩ දෙන්නද?

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us