Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

පැපරාසි නිවුස් ලංකා - පෝද්දලදී පිටිදූවේ සිරිධම්ම හිමිට පහරදීමක්...පෝද්දල ධර්ම දේශනා කරන්න ගිය සිරිධම්ම හිමිට ගම්වාසින්ගෙන් විරෝධය... 
ඊයේ පස්වරුවේ බුදුන්ගේ සැබෑම දේශනාව නමින් ධර්ම දේශනාවක් පිටිදූවේ සිරිධම්ම හිමි හෙවත් සිරි සමන්ත භද්‍ර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් බද්දේගම

පෝද්දල කාසිදෙණිය දොළගාවවත්ත ප්‍රදේශයේදී පවත්වන්නට යෙදුණ නමුත් ගම්වාසීන් හා එම ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේලා ඊට විරෝධය පළ කරමින් එම දේශනාව නවතා දැමීමට කටයුතු කළා.

ඊයේ පස්වරුවේ සුඛෝපභෝගී මෝටර් රථයකින් සිරිධම්ම හිමි ඇතුළු පිරිසක් එම ප්‍රදේශයට පැමිණි අතර එහිදී දෙපිරිස අතර උණුසුම් තත්ත්වයක්ද හට ගැනුණා. පැමිණි පිරිස නැවත ආපසු හැරී ගියේ ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය මැදයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් සිරිධම්ම හිමියන් මෙසේ අදහස් දක්වමින්
එක් ධර්ම ේශනාවක් ලෑස්ති කරලා තිබ්බා පෝද්දල... කාසිදෙණියේ. ඉතින් අපි ඒ ධර්ම දේශනාවට මිනිස්සු ඔක්කොම එකතු කරගෙන...සාමාන්‍යයෙන් ධර්ම දේශනාවකට යනවනෙ හාමුදුරුවරු ලංකාවේ හැමතැනම.... ඉතින් එතකොට හාමුදුරුවරු පස් හය නමකුයි තවත් පිරිසක් එක්ක ඇවිල්ලා අපිට බණට යන්න එපාය කියලා තර්ජනය කරලා.  එතන හිටියා තරුණ ළමයි වගයක්. ඒ වගේම මමත් එක්ක හිටියා ගාල්ල විජයානන්ද පිරිවෙනේ බලන්ගොඩ බුද්ධඝෝෂ හාමුදුරුවෝ. තවත් හාමුදුරුවරු තුන් හතරනමක් හිටියා. සමහරුන් ගැහුවා. කැමර් උදුරගත්තා. උදුරගෙන එලෙව්වා. ඉතින් අපි සද්ද නැතුව හැරිලා අවා. එච්චරයි.. ඉතින් මම හිතන්නේ එතන දේශපාලනයට සම්බන්ධ අයත් හිටියා. දැන් ගිහියෙකුට ගැහුවා කියනවා වගේ නෙවෙයි භික්ෂූන් වහන්සේ කෙනෙකුට ගහ ගහ එලවනවා කියන්නේ ඒක ලොකු ඛේදවාචකයක්..දැන් මම මෙතනදිත් සද්ද නැතුව හිටියා. යන්න කිව්වම මම හැරිලා ආවා. ඊට වඩා එකක් කරන්න ගියෙ නෑ.

පහරදීමේ සිද්ධිය ඇතුළත් වීඩියෝව පහතින්









Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us