පැපරාසි නිවුස් ලංකා -ඩෙංගු පරීක්‍ෂකට මරු කැඳවූ මෝල් ගස පෝරකයට, ඝාතකයා අංගොඩට ?
සැකකරු හිටපු ග්‍රාමාරක්‍ෂක නිලධාරියෙක්....
ඔහු මානසික රෝගියෙක් බවට පොලිස් පරීක්‍ෂණවලින් හෙළි වේ.
මෙසේ අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මොහොමඩ් ජලීල් මහතායි.
ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා කන්තලේ තඹලගමුව ප්‍රදේශයේ නිවසකට ඊයේ (09 වැනිදා) පෙරවරුවේ ගිය මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නිලධාරියකුට නිවෙස් හිමියා මෝල් ගසකින් පහරදී ඉතාම කෲර අන්දමින් ඝාතනය කර ඇත.
මෙහිදී ඝාතනයට ලක්ව ඇත්තේ 52 හැවිරිදි එම්. පලීල් නමැති පස්‌දරු පියෙකි. කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඒ මහතා දීර්ඝ කාලයක් තිස්‌සේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකයකු ලෙස සේවය කළ අයෙකි.
ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නිලධාරීන් ඊයේ පෙරවරුවේ තඹලගමුව ප්‍රදේශයේ ගෙයින්ගෙට ගොස් මහජනතාව දැනුවත් කර තිබේ.
මෙම සැකකරුගේ නිවසටද මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නිලධාරීන් ඊයේ පෙරවරු 11.00 ට පමණ ගොස් ඇත. ඒ අවස්‌ථාවේ ගෙහිමියා සහ ඝාතනයට ලක්‌වූ සෞඛ්‍ය පරීක්‍ෂක නිලධාරියා අතර බහින් බස් වීමක් හටගෙන තිබේ.
පසුව සෞඛ්‍ය පරීක්‍ෂක නිලධාරීන් එම නිවසින් පිටව යද්දී ඔවුන් පසුපස පන්නාගෙන ආ සැකකරු මෙහේ ඇති ඩෙංගු මදුරුවෙක් නැහැ කියමින් සෞඛ්‍ය පරීක්‌ෂකවරයාට මෝල් ගසකින් හිසට පහර කීපයක් එල්ල කර ඇත. මෙම සිද්ධිය වන මොහොතේ සෞඛ්‍ය පරීක්‌ෂකවරයා සමග සිටි සෙසු පිරිස පලාගොස් තිබේ.
එහිදී බරපතළ තුවාල ලැබූ පලීල් මහතා කන්තලේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
සිද්ධිය සැලවූ වහාම එහි ගිය තඹලගමුව පොලිස් ස්‌ථානාධිපති ඒ. සමරසිංහ මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිස විසින් මෙම ඝාතනය සිදු කළ සැකකරු ඝාතනය සිදුවී සුළු වේලාවක ඇතුළතදී අත්අඩංගුවට ගැනීමට ගෙන ඇත.
කන්තලේ කොට්‌ඨාස භාර පොලිස් අධිකාරි නීල් හෙට්‌ටිආරච්චි මහතාගේ උපදෙස් මත තඹලගමුව පොලිසිය පරීක්‍ෂණ පවත්වාගෙන යයි.
මෙම සැකකරු මීට වසර කීපයකට පෙර සිවිල් ආරක්‌ෂක භටයකු ලෙස සේවය කර ඇත. එහිදී ඔහුගේ හිතවතකුට වෙඩි තැබීමට ගිය මොහොතේ ඔහුගේ සේවය අහෝසි වී තිබේ. මෙම සැකකරු මානසික රෝගයෙන් පෙළෙන අයකු බව හෙළිවී ඇත.
මානසික රෝගය සඳහා ප්‍රතිකාර ගත් ලියකියවිලි සහ බෙහෙත් පවා ඔහු ළඟ තිබී පොලිසියට හමුවී තිබේ.
මෙම සැකකරු මීට දින කිහිපයකට පෙර තම බිරිඳ සහ දරුවන් පවා නිවසින් එළවා දමා තිබේ. තවත් දිනෙක ඔහු අත්තන ඇටද කා තිබෙන බව හෙළිවී තිබේ.
එම සිද්ධියේ පරීක්ෂණ කටයුතු වල ජායාරුප එකතුවක් පහතින් බලන්න