Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

පැපරාසි නිවුස් ලංකාඅනිත් මිනිස්සුන්ට තමුන්ගේ වැඩක් බලන් හිටියනම් ඉවරයිනේ...දමිතා මම ඇත්තටම රජයට ස්තුතිවන්ත වෙනවා...මේනක මීට දින කිහිපයකට ඉහතදී රහස් පොලිසිය විසින් සෝදිසි කිරීමකට ලක්ව, මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීමට වෙබ් අඩවි දෙකක් ලක්වීම සම්බන්ධයෙන් තමන් හරිම සතුටු වන බව නිලි දමිතා අබේරත්න හා නළු මේනක රාජපක‍ෂ රූපවාහිනී නාලිකාවකට පවසා තිබේ.
දමිතා එම රූපවාහිනී නාලිකාවට පැවසූයේ

මං හිතන්නේ එයාලටත් දරුමල්ලෝ ඇති. තමුන්ගේ කසාද ගෑණිට අපහාස කිරීමයි, තව ගැහැණියෙකුට අපහාස කිරීමයි අතර කිසි වෙනසක් නැහැ. දෙකම එකයි. ඉතින් මේ සියලූ දේ මේ විදියට හෝ දැන්වත්.... මං නම් කියන්නේ මේක මීට ගොඩක් කලින් වෙන්න තිබ්බ දෙයක්.

දැන්වත් මේ සියලූ දේ කෙලින්ම නවත්තල දානව නම්, එහෙම නැත්නම් මේවා කරන් යන මිනිස්සු කිසියම් පාලනයක් ඇතුව රජයේ අනුමැතිය අරගෙන නීති රීති වලට යටත්ව දැමිය යුතු දේ පමණක් දාල....

නැත්නම් ඒ මිනිස්සුන්ට පාරට බහින්න බැරි, යන්න බැරි විදියට ලැජ්ජා කරලා, ඇයි ඔවුන්ගේ පුද්ගලික ජීවිතය..කාත් එක්කද ඔවුන් යන්නේ...කාත් එක්කද කතා කරන්නේ ..කාත් එක්කද අහවල් පාටියෙ ඩාන්ස් කරේ...ඒවා මොකටද අනිත් මිනිස්සුන්ට තමුන්ගේ වැඩක් බලන් හිටිය නම් ඉවරයිනේ. මට හරිම සතුටුයි ඊයේ දවසේ වෙච්ච සිද්ධියත් එක්ක..මොකද මේක එක්තරා විදියක... අපි කියනවනෙ ලෝක දහම දිට්ඨ ධම්ම වේදනිය කර්මය... මේ ආත්මෙ නෙවෙයි ඊලඟ ආත්මෙ නෙවෙයි, මේ ආත්මෙන් පස්සෙ එන ආත්මෙ නෙවෙයි. මේ ආත්මෙ මයි... මේ අපි ජීවත් වෙන මහ පොලොවෙමයි... අද කලොත් ටිකක් කල් ගිහිල්ල හරි එනවම තමයි.

මේනක රාජපක්ෂ පවසා සිටියේ,

මෙවැනි වගකීමක් නැති වෙබ් අඩවි තහනම් කිරීම ගැන මම ඇත්තටම රජයට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම කලාකරුවෙක් විදියට මෙවැනි දේවල් සමාජයේ තිබීම ගැන ඉතාම කනගාටුවට පත්වනවා...මේ වගේ වෙබ් අඩවි හින්දා ජනතාව හා ප්‍රේක්ෂකයන් නොමග යන දේ පිලිබඳව. අසත්‍ය තොරතුරු හෙළි කරන අන්තර්ජාලය හා අන්තර්ජාලයේ තියෙන වෙබ් අඩවි හා පුවත්පත් සම්බන්ධයෙන් රජය ඉතාමත් හැකි ඉක්මනින් කි්‍රයාමාර්ගයක් ගනියි කියල බලාපොරොත්තු වෙනවා.

එහි වීඩියෝව බලන්න පහතින්

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us