පැපරාසි නිවුස් ලංකා - කිරුළපන ප්‍රදේශයේ පදිංචිව සිටි සය හැවිරිදි දැරියක ලිංගික අපයෝජනයකට ලක් කිරිමෙන් පසු ඝාතනය කර කිරුළපන ඇලට දමා තිබියදී අද සොයා ගැනුණි.
පොලිසිය පැවසුවේ දැරිය දූෂණය කර ඇත්ද යන්න පිළිබඳව පරීක්ෂණ සිදුකරන අතර ඇගේ දෙපාවල තුවාල දක්නට ලැබුණු බවය.
මෙම ඝාතනය සම්බන්ධයෙන් තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කේ.දූෂ්ශන්ති නම් එම දැරිවිය පාමංකඩ දෙමළ විද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබමින් සිටියේය.
ඊයේ රාත්‍රියේ දුෂ්ශන්ති පෙරහැරක් නරඹමින් සිටියදී එහි පැමිණ සිටි ඥාති සහෝදරයෙකු ඇය රැගෙන ගොස් අතවර කර ඇතැයි හෙළි වූ බව පොලිසිය පැවසීය.
පොලිසිය ප්‍රකාශ කළේ එම ඥාති සහෝදරයා සහ තවත් තරුණයෙකු මෙම සය හැවිරිදි දැරියට ලිංගික අපයෝජන කර ඇති බවය.
තරුණයින් දෙදෙනා වයස අවුරුදු 18හා 16 යන වයමස්වල පසුවූවන්.
පොලිසිය පැවසුවේ අද අලුයම 1.30ට පමණ ලැබුණු තොරතුරකට අනුව කිරුළපන ඇලේ තිබී දැරියගේ සිරුර නාවික හමුදාව විසින් සොයාගනු ලැබූ බවය.
මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පෙරවරුවේ දේහය ගොඩගනු ලැබිණි.
අනතුරුව පශ්චාත් පරීක්ෂණය සදහා දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන ගියේය.
පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් තරුණයින් තම භාරයේ සිටින අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බවය.