Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

පැපරාසි නිවුස් ලංකාසනත්ගේ තුන්වන නැ‍ටුම අසාර්ථකලු...ඔහුට ලබාගැනීමට හැකිවුයේ ලකුණු 30 න් 19 ක් පමණි... ලංකාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ දැනට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්
වශයෙන් පත්වී සිටින සනත් ජයසුරිය ඉන්දියාවේ පැවැත්වෙන රියලිටි ටි.වී තරඟයක් වන “ජලක්

දික්ලා ජා” තරඟයට සහභාගී වීමට නියමිත බව මෙයට පෙර ලිපියකින් අප හෙළි කළා.

සනත්ගේ පළමු නර්තනයට එම තරඟයේ විනිශ්ච මණ්ඩලය විසින් ඉහල ප්‍රතිචාරයක් ලැබුන අතර ලකුණු 30 කින් 27 ක් ලබා ගැනීමට සනත් හා ඔහුගේ නර්තන සහයිකාව වන සුචිත්‍රා ට හැකිවුනා.

ඉන් පසුව එම තරඟයේ සනත්ගේ දෙවන නර්තනය බොලිවුඩ් සුපිරි නළු ශාරුක් ඛාන් රංගනයෙන් දායක වූ චිත්‍රපට කිහිපයක ජනප්‍රිය ගීත වලට අනුව පසුගිය (24) වනදා ඉදිරිපත් කල අතර එයට විනිශ්ච මණ්ඩලයේ හොඳ ප්‍රතිචාරයක් හිමිව තිබුනේ ලකුණු 24 ක් ලබා ගනිමින්.

ඊයේ (02) දිනයේ සනත් ජයසුරිය හා සුචිත්‍රා “සල්සා” නර්තනය ක්‍රමය යටතේ නර්තනයේ යෙදුන අතර එයට විනිශ්ච මණ්ඩලයේ එතරම් හොඳ ප්‍රතිචාරයක් හිමිව තිබුනේ නැහැ.

ලකුණු ලබාදීමට පෙර සනත් සඳහන් කලේ මෙයට පෙර ඉදිරිපත් කල නර්තන දෙකම මහන්සි වී පුරුදු වූ නමුත් මෙම නැටුම සඳහා තමාට වෙහෙසවීමට නොහැකි වූ බවයි.ඒ අනුව ඔහුට ඊයේ දිනයේදී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 30 න් 19 ක් පමණි.

සනත්ගේ සල්සා නර්තනය පහතින් බලන්න

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us