පැපරාසි නිවුස් ලංකා - තංගල්ලට පැමිණි විට අසන්නට ලැබුණේ නින්දිත තත්ත්වයක්....!....
අද අප අහන දකින දෙයින් සමාජය මෙතරම් රෝගී වෙලාද කියා සිතෙනවා. අද තංගල්ලට ආ විට අසන්න ලැබුණේ නින්දිත තත්ත්වයක්. තරුණියකට, කුඩා දැරියකට පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් තිබේ නම් අප සමාජයේ කොහේ හරි අඩුවක් තිබෙනවා.
පුද්ගලයන් තුළ සමාජය තුළ රට තුළ මෙවැනි තත්ත්වයන්ගෙන් මිදෙන්න පියවර ගැනීම අප කාගේත් වගකීමක්. ඒ සඳහා සාරධර්ම පිරි සමාජයක් ගොඩනැගීම අප සියලු දෙනාගේම වගකීමක් බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.
තංගල්ල පුරාණ වනවාස කුඩා විහාරයේ දෙමහල් ධර්ම ශාලාව, සර්වඥධාතු මන්දිරය සහ ධම්මදින්න පුස්‌තකාලය විවෘත කිරීමෙන් පසු පැවැති උත්සව සභාවේදී ජනාධිපතිවරයා මෙලෙස සඳහන් කළේය.
තංගල්ල වනවාස කුඩා විහාරයේ විහාරාධිපති වැවහමන්දූවේ වාචිස්‌වර හිමියෝ අනුශාසනාවක් පැවැත්වූහ. විහාරාධිකාරී මණ්‌ඩුඩාවේ ධීරානන්ද යන හිමිවරු මෙහිදී අදහස් දැක්‌වූහ.
රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති පල්ලත්තර සුමනජෝති හිමිපාණන් ප්‍රමුඛ මහා සඟරුවන, ආපදා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර, විහාරස්‌ථ දායක සභාවේ සභාපති හිටපු සෞඛ්‍ය ඇමැති රංජිත් අතපත්තු යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් මේ අවස්‌ථාවට සහභාගි වූහ.