Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

පැපරාසි නිවුස් ලංකා -

ධර්මසිරිට හා රාජුට ඇප ගන්නට මිතිල,තුෂාර එක්ව ප්‍රේමාවතී හා පුෂ්පා මැරූ හැටි උසාවියේදී කියයි


පුෂ්පා මරවන්න කලින් මට බ්ලු ෆිල්ම් පෙන්නල ඇවිස්සුවා...

-ඝාතන සැකකරු සිරිපාල කියයි...
පසුගිය කාලයේ කහවත්ත ප්‍රදේශයම කැළඹීමට පත්කල කාන්තා ඝාතන 06 ක්ම කිසියම් සංවිධානාත්මක කල්ලියක් සිදුකල බව අප මීට පෙර ලිපියකින් හෙලිකරනු ලැබුවා

මෙම ඝාතන හය පිටුපසම සිට ඇත්තේ දැනට බන්ධනාගාර ගතව සිටින පළාත්සභා මන්ත්‍රී ධර්මසිරි නැමති පුද්ගලයා බව මේ වන විට හෙළි වී තිඛෙනවා කුඩු ප්‍රවාහන කතාවක් යට ගැසීමට සිදු කළ කවින්ද්‍යා හා ඇගේ මවගේ පළමු ඝාතන දෙකට ධර්මසිරිත් ඔහුගේ සොයුරු රාජුත් හසුවී බන්ධනාගාරයේ සිටියදී ඔවුනගේ තවත් සොයුරන් දෙදෙනෙකු වන මිතිල හා තුෂාර යන දෙදෙනා යොදාගෙන අවසන්වරට සිද්ධවූ ප්‍රේමාවති(65) හා පුෂ්පකුමාරි(32) කාන්තා ද්විත්ව ඝාතන සිදුකර ඇත්තේ ඉතාම අමානුෂික ආකාරයටය.

කිසිම වරදක් කර නැති මේ මව හා දුව ඔවුන් විසින් මරා දූෂණය කර තිබුනේ බොරු ඝාතන රැල්ලක් පෙන්නා පොලිසිය නොමග යවා බන්ධනාගාරයේ සිටින දෙන්නාට ඇප ලබාගැනීමේ මුග්ධ අදහසිනි.

ජූලි 18 වනදා රාත්‍රියේ ප්‍රේමාවති හා පුෂ්පකුමාරි නිවසේදී මරා කාමරයක පිළිස්සෙමින් තිබියදී ගමේ අය ගින්න නිවන්නට ආ බව කලින් වාර්තා වුණා. ගම්වැසියන්ටද පෙනෙන සේ මෙම ගින්න නිවන්නට මූලිකව කටයුතු කළ සිරිපාල නමැති මේ ගමේ කුලීවැඩ කරන තැනැත්තා

මෙම ඝාතන වලට සෘජුවම සම්බන්ධව සිටි අතර ඔහු පිළිබඳ පොලිසියට සැක සිතුණත් මුලදී ඔහු පොලිසිය නොමග යවමින් බොරු ආරූඪයක් මවා පාන්නට වූ අතර පසුව පොලිස් ප්‍රශ්න කිරීම් වලදී කියා සිටියේ නිලන්ත නමැත්තෙකු මියගිය කාන්තාව හා වෛරයෙන් සිටි බව නිසා සැක බවය. එය බොරුවක් විය.කෙසේ වෙතත් පොලිසියේ දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ ඝාතන සිද්ධ කළ ආකාරය ගැන ඇත්ත සිරිපාල පාපොච්චාරණය කර තිබුනේ පහත පරිදිය.

'සර් මේකට කොන්ත්‍රාත්තුව අපිට භාර දුන්නේ කලින් අම්මවයි දූවයි මරලා දැන් හිරේ ඉන්න ගොඩකවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධර්මසිරි මහත්තයයි රාජුයි.
අපිට ප්‍රේමාවතියි පුෂ්පවයි මරන්න කිව්වේ ඒ අයට ඇප ගන්න ඕන නිසා.

ඒ අයට තව මල්ලිල දෙන්නෙක් ඉන්නව මිතිලයි තුෂාරයි. ඒ අය තමයි මේක සැලසුම් කළේ. ඒ අය පේමාවතී අක්කගෙ ගෙට පනින්න කෙනෙක් හොය හොයා ඉන්න කොට තමයි නාමල් මල්ලි මං ගැන එයාලට කියල තියෙන්නෙ. මොකද මං ඒ වත්තෙ නිතර සුද්ද කරන කුලී වැඩ කරල තියනව. නාමල් මල්ලි කරන්නෙ වාහන පේන්ට් කරන රස්සාව.

එයාට ලක්ෂයක් මේකට දෙන්නම් කියල තමා කොන්ත්‍රාත්තුව දීල තිබුනෙ. මාව මේකට සම්බන්ධ කරගන්න ඕන වෙලා නාමල් මට ගෙදර එන්න කිව්ව.මුලදි මොකටද කියල කිව්වෙ නෑ. මරන්න ප්ලෑන් කරපු දවසට කලින්දා නාමල්ගෙ ගෙදරට මට එන්න කිව්ව. එහේදී මට නාමල් බ්ලු ෆිල්ම් පෙන්නුව. උඹට පුෂ්ප එක්ක හොඳ හොඳ ඒව කරන්න පුළුවන් කිය කිය මාව ඇවිස්සුවා. මේ වැඩේ කරල දෙනව නම් දහදාහක් දෙන්නම් කියල කිව්වා.එයා කිව්ව නිසා මං කැමති වුණා.

පහුවදා මං ප්‍රේමාවතී අක්කලගෙ ගෙදර ගිහින් වැඩ ඉල්ලගෙන වත්ත සුද්ද කළා. දූවයි අම්මවයි මරන්න තීරණය කරල තිබ්ඛෙ රෑ දොළහට විතර. මිතිල මහත්තයයි තුෂාර මහත්තයයි හොඳටම බීල මගේ ගෙදර ආවා. එතකොට දොළහමාරට විතර ඇති. නාමල් මහත්තයාගෙ අතේ භූමිතෙල් බෝතල් බාගයක් තිබ්බ. මං ගාව තිබ්බ වක් පිහිය තුෂාර මහත්තය ඉල්ල ගත්ත. ඊට පස්සෙ තුෂාර මහත්තය රබර් ග්ලවුස් දෙකක් අත්වලට දාගත්තා.

බොරුවක් කියාගෙන මට මුලින්ම පේමාවතී අක්කලගෙ ගෙදරට යන්න කියල කිව්ව. 12.40 ට විතර අපි පිටත් වුණා. මං පේමාවතී අක්කලගෙ ගේ ගාවට යද්දි දෙන්නෙක් දැම්ම ඔත්තු බලන්න.

ගේ ගාවට ඇවිත් දොරට තට්ටු කරල කිව්ව..
'පේමාවතී අක්කෙ මගේ පවුලට හදිසියෙ අසනීපයක් හැදිල..අද වැඩකරපුවැයි සල්ලි ගන්න පුළුවන්ද' කියල..

ඒකට පේමාවතී අක්ක දොර ඇරිය. මං ඒ එක්කම අක්කව තල්ලූ කරල දැම්ම. එයා සිහිය නැතිවෙල වගේ බිම වැටුණා. සද්දෙ නිසා පුෂ්පාත් ගේ ඇතුළෙ ඉඳන් අම්මෙ කියාගෙන ඉස්සරහට ආවා. තුෂාර මහත්තය අතේ තිබුණ වක් පිහියෙන් පුෂ්පගෙ ඔලූවට කෙටුව. පුෂ්ප එතනම ඇදගෙන වැටිල දගලන්න පටන් ගත්ත. පුෂ්ප ආයෙත් නැගිටින්න හදන කොට තුෂාර මහත්තයා ආයෙත් කෙටුව.ඒ සැරේ එයාගෙ අතේ ඇගිලි කැපිල වෙන්වෙල ගියා. වැටිල හිටිය දෙන්නවම අපි දූෂණය කළේ ඊට පස්සෙ.....

දෙන්නවම ගේ ඇතුළෙ කාමරේකට ඇදගෙන ගියා. පුෂ්පගෙ ඔලූවෙන් ලේ ගලන්න පටන් ගත්තා. මුළු කාමරේම ලේවලින් නෑවුණා. රෙදි පාන්කඩ ඔලූවට තියල ලේ නැවැත්තුවා. ඒ වෙනකොට දෙන්නම මැරිල හිටියෙ. ඊට පස්සෙ දෙන්නගෙ ඇගවල් උඩට රෙදි කොට්ට මෙට්ට දාලා ඒවට භූමිතෙල් දාල ගිනි තිබ්බ. ගින්න පැතිරෙන කොට අපි එතැනින් මාරු වුණා. පස්සෙ ගමේ අය එනකම් ඉඳල අපි ආයෙත් එතැන්ට ආව.....

පසුගිය ජුලි 18 වනදා සිදුවූ මෙම සිද්ධියේදී ප්‍රදේශවාසීන් ගින්න නිවා දමා නිවස පරීක්ෂා කරද්දී කාමරයක පිළිස්සී මියගොස් සිටි කාන්තාවන් දෙදෙනාගේ සිරුරු හමුවී තිබුණා

නිවසේ එක් කාමරයක බිම රුධිරයෙන් නැහැවී ගොස් තිබුණා.
ඝාතනයට ලක්වූ පුෂ්පා කුමාරි අවිවාහක තරුණියකි. ඇය කහවත්ත ප්‍රදේශයේ රන් ආභරණ අලෙවි සලක සේවය කරමින් සිටියා. ඇයට සොහොයුරන් දෙදෙනකු සහ එක් සොහොයුරියක සිටින අතර ඔවුන් සියලු දෙනා විවාහකයින් බවද කියැවුණා

ඝාතනයට ලක්වූ  ප්‍රේමාවතිගේ සැමියා මීට වසර කිහිපයකට උඩදී මියගොස් සිටි අතර ඇය සිය අවිවාහක දියණිය ද සමග මෙම නිවසේ පදිංචිව සිටියා

අක්කරයක් පමණ විශාල පොල් වත්තේ පිහිටි නිවසක මොවුන් පදිංචිව සිටි අතර කුඹුරු ඉඩම් කිපයක්ද ප්‍රේමාවතී මහත්මිය සතු වූ බව කියැවුණා ඉතාමත් සාහසික ආකාරයට මන්ත්‍රීවරයාට ඇප ගන්නට සිතා මේ අහිංසක මව හා දියණිය ඝාතනය කිරීමෙන් අනතුරුව සිරිපාල නාමල් මිතිල හා තුෂාර කිසිවක් නොවූ ගාණට ගමේම වාසය කළා. ඒ අතරතුර ඥාති තරුණයෙකු මේ ඝාතන සිදු කළ බවට පොලිසිය නොමග යවන සාක්ෂිද ලැබුණා.

නමුත් පෙරේදා වන විට පරීක්ෂණ සාර්ථකව නිම කර මේ ඝාතන සැකකරුවන් පිළිබඳ නිවැරදි තොරතුරු හෙළි කරන්නට පොලිසිය සමත් වුණා.

මේ හේතුවෙන් දැන් ගම් වැසියන් කුපිතවී සැකකරුවනගේ නිවාස වලට ප්‍රහාර එල්ල කිරීමේ උත්සාහයන්ද වාර්තා වන අතර මේ වනවිටත් කොටකෙතන ප්‍රදේශයේ දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිඛෙනවා.


මරා දැමීමෙන් පසු මවත් දියණියත් දෙදෙනාව මුලින්ම දූෂණය කරනු ලැබුවේ මන්ත්‍රීවරයාගේ සහෝදරයා සහ නාමල් බවත් අනතුරුව තමාට පිහියක් දිගුකර මළසිරුරු දෙක දූෂණය කරන ලෙසට බිය ගැන්වූ බැවින් එය තමාට කරන්නට වුණු බවත් ප්‍රශ්න කිරීම් හමුවේ ‍සිරිපාල ‍පොලීසියට පවසා තිබේ.

නිවසේ ගින්න නිවන්නට මෙහිදී මුලින්ම ඉදිරිපත්වී ඇත්තේ ටිංකරින් වැඩ කරන නාමල් බව ‍පොලීසිය කියයි. වතුර බටයක් ගෙන වතුර අල්ලා සියලු සාක්ෂි විනාශකළ බව ඔහුද ‍පොලිස් ප්‍රශ්නකිරීම්වලදී පවසා ඇත. ‍සිරිපාලව මෙම ඝාතන සැළසුමට එක්කරගෙන ඇත්තේද නාමල් බව ‍පොලීසිය පවසයි.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us