ජනරාල් සරත් ෆොන්සේකා මහතාට තුන් අවුරුදු සිරදඩුවමක් පමුණුවමින් ඊයේ (18) දින ප්රකාශයට පත් කළ මහාධිකරණ නඩු තීන්දුවේ ප්රධාන විනිසුරුවරිය වශයෙන් කටයුතු කළ දීපාලි විජේසුන්දර වෙශ්යවගේ ගේ දියණියගේ විවාහ මංගල්යයේ සාක්ෂියට අත්සන් කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් මනමාලියට ලැබුණු අගනා තෑගි පිළිබඳව වාර්තාවේ.
විවාහ මංගල දිනයේදී ජනාධිපතිවරයා සාක්ෂියට අත්සන් කිරීමෙන් අනතුරුව මනමාලිය වෙත ලබා දුන් ලියුම් කවරයේ තිබී ඇත්තේ ඇගේ නමට ලියන ලද රුපියල් ලක්ෂ දහයක චෙක් පතකි. ඊට අමතරව විවාහ මංගල්යට දින කීපයකට පසු ලියාපදිංචි නොකළ නවීනතම මෝටර් රථයක් ජනාධිපතිවරයා ඇය පදිංචි නිවසවෙත යවා තිබේ.
මෙම ලියාපදිංචි නොකළ නවීනතම මෝටර් රථය ඇයගේ නිවස වෙත ගෙන ගොස් බාර දී ඇත්තේ ජනාධිපති ආරක්ෂක ඒකකයේ කොමාන්ඩෝ බලකායට අනුයුක්ත කපිතාන්වරයෙකි.
මෙම මෝටර් රථය පිළිබඳව ජනමාධ්යන්ට ඉවවැටුන හොත් තමන්ට තවත් අනවශ්ය කරදරයක් වනු ඇතැයි දියණියට කියා ඇති දීපාලි විජේසුන්දර විනිසුරුවරිය එම මෝටර් රථය විකිණීම සඳහා කටයුතු යොදා තිබේ





