Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

අගලවත්ත ප්‍රදේශයේ ගුරුවරියක විසින් ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය හරහා ඇතිකරගත් කෙටි පෙම් සම්බන්දතාවයක් නිසා කරදරයට පත්ව ඇත.
වාර්තා වන පරිදි සිද්දිය මෙසේය.

මෙම ගුරුවරිය විසින් පෞද්ගලික මාධ්‍යය ආයතනයක සේවය කරන පුද්ගලයෙකු පසුගිය සැප්තැම්බර් 15 වනදා ෆේස්බුක් හරහා අදුනාගෙන ඇති අතර ඒ ඔස්සේ දිවා රෑ ඔහු සමග චැට් කර ඇත.


ඉන්පසුව ගුරුවරියගේ දුරකථන අංකය ඉල්ලා ගත් එම පුද්ගලයා දුරකථනය ඔස්සේද මිතුදම තවත් තර කරගත්තේය.

කෙසේ නමුත් මේ සියලු දේට ගත වුයේ දවස් දෙකක් වැනි සුළු කාලයකි.සැප්තැම්බර් 17 වනදා වන විට ඔවුන් දෙදෙනා පෙම්වතුන් වී සිටි අතර එම පුද්ගලයාගේ ඉල්ලීම මත එම ගුරුවරිය බම්බලපිටිය ප්‍රදේශයේ ලගුම්හලකට ගොස් ඇත.

එහිදී එම පුද්ගලයා ඇයට නිරුවත් කොට ජායාරුප ගැනීමට උත්සාහකර ඇති අතර තමා විවාහ කරගන්න පොරොන්දුව උඩ ඇය එම කටයුත්තට ඉඩ දී ඇත.

එම සිදුවීමෙන් පසුව කාලය ගෙවී යද්දී එම පුද්ගලයා විසින් ගුරුවරියට තර්ජනයකොට ඇත්තේ එම පින්තුර ෆේස්බුක් වෙත එක් කරන බවත් එය වැලක්වීමට නම් තමාට මුදල් ලබාදෙන ලෙසත්ය.


මෙම ගුරුවරිය විටින් විට එම පුද්ගලයාට ජායාරුප ෆේස්බුක් වෙත එක් කිරීම වැලක්වීමට රුපියල් 11,000 ක මුදලක් ලබාදී ඇත.

පසුව ගුරුවරිය විසින් මේ පිළිබඳව කොළඹ අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් ගොනුකොට ඇති අතර අදාළ පුද්ගලයාගේ දුරකථන අංක ඔස්සේ ඔහු පිලිබඳ පරීක්ෂණ කටයුතු සිදුකරමින් පවතී

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us