රෑ සිහිනෙන් ඔබ ළඟ මා සැනසෙනවා
මා සැබැවින් ඔබ ගැන සිත ලතවෙනවා
මේ බැඳුණු සෙනෙහෙ කෙදින ද මා පවසන්නේ
ආදරිය කියා කෙලෙස ද මා අමතන්නේ
අපේ ලොවේ කෙදින ද අප හමුවන්නේ
ඈ සනසවමින් ගී වැල් ගයමි මෙමා
ඒ මිහිරි ලොවේ සැනසුම මා ලැබගන්නම්
කුමරියනේ කිමද මා ගැන නොසිතන්නේ...
මේ දිනවල නිතර ඇසෙන මේ ජනප්රිය ගීතයේ හිමිකරුවා වූයේ කාලයකට ඉහත රසිකයින් අතර ජනප්රියතම ගායකයකු වූ නාමල් උඩුගමයි. ඔහුගේ ම පද රචනයක්, සංගීතයක් මෙන් ම ඔහුගේ ම හඬ මුසුවෙන් රසිකයින් අතරට ආ මේ ගීතය අද ගුවන් විදුලි නාළිකා ඔස්සේ ඇහෙන්නේ මෑත භාගයේ ජනප්රියත්වයට පත්ව සුපිරි තරු මාවතේ ආ ශිහාන් මිහිරංගගේ හඬිනුයි. නාමල් මේ ගීතය ෂෙහාන්ට මුදලට විකුණුව ද නැතිනම් ශිහාන් නාමල්ගේ ගීතය කිසිදු අවසරයකින් තොරව ගායනා කරනවද?
මෙහි සැබෑම හිමිකරුවා නාමල් උඩුගම ද නැතිනම් ශිහාන් මිහිරංග ද. අද බොහෝ ගීත රසිකයින් අසන එවැනි ප්රශ්න ගණනාවකට සැබෑ පිළිතුරු සොයන්නට අපි උත්සාහ කරන්නෙමු. අද ෂෙහාන් ගේ හඩින් නිතර ඇසෙන මේ ගීතයේ සැබෑ හිමිකරුවා කවුද කියා අපි මෙවර ශිහාන් මිහිරංගගේ පිළිතුර වෙත අවධානය යොමු කළා.
ඇත්තටම මේ ගීතයේ දැන් සැබෑ හිමිකරුවා කවුද? ඔබ ද නාමල් ද?
මේ ගීතය සම්බන්ධයෙන් ඇතිවෙලා තියෙන ආන්දෝලනය පිළිබඳ කතාබහ කරන එක හොඳයි. මම හිතන්නේ මේ ප්රශ්නය ඇතිවෙලා තියෙන්නේ මා ගැයූ ගීතය නිතර මාධ්ය ඔස්සේ ප්රචාරය වෙන්න පටන් ගත්තට පසුවයි. පසුව ඒ ගැන ලොකු කතාබහක් ඇති වුණා. නමුත් මම බලන් හිටියේ මේකට නාමල් උඩුගම අයියා පිළිතුරක් ලබාදෙයි කියලා. නමුත් ඔහු අතින් එය සිදුවුණේ නැහැ. ඇත්තටම මෙහි සත්ය මා හෙළි කළ යුතුයි කියලා ඊට පස්සේ මම හිතුවා.
ඇයි නාමල් පිළිතුරක් නොදුන්නේ.
මම විශ්වාස කරනවා මම ඉස්සර වුණාට පස්සේ ඔහු පිළිතුරක් ලබාදේවි කියලා. මොකද මෙතන කිසිදු වංචාවක් හෝ ආන්දෝලනයක් සිදුවෙලා නැහැ. සියල්ල බොහෝම පැහැදිලිව සිදුවෙලා තියෙන්නේ. ඔය ගීතය නාමල් අයියා ගයන කාලේ ජනප්රිය වුණ ගීතයක්. නමුත් මේ මෑතකදී නාමල් අයියා මට ආරාධනාවක් කළා මේ ගීතය ශිහාන් මල්ලි කියන්න කියලා. ඔහු පෞද්ගලික දුරකතන සමාගමක් සමඟ ගිවිසුමකට එළඹෙලා මට ඊට ආරාධනා කළේ.
එතැනදී සිදුවුණේ සෙන්ටිග්රේඩ්ස් සංගීතයට මම මගේ හඬ මුසු කළ එක පමණයි. ඊට මට ලැබිය යුතු මුදල පවා මම ලබා ගත්තා. ඒ සඳහා ගිවිසුම් ගත කළ ලිපිගොනු පවා මා ළඟ තියෙනවා.
මෙතැනදී සිදුවුණේ නාමල් අයියාගේ සින්දුවට මම මගේ හඬ විකුණපු එක විතරයි.
නමුත් දැන් මේ ගීතය දිගින් දිගට කියන්න ඔබට අවසරයක් තියෙනවද?
පැහැදිලිවම මට අයිතියක් දීලා තියෙනවා ලිඛිතව, මට එය ගායනා කරන්න පුළුවන් කියලා. මට මේ ගීතය ගයලා හම්බ කරන්න අවශ්ය නැහැ. හේතුව මම මගේ ජනප්රිය ගීත තියෙනවා ප්රසංගවල ගායනා කරන්න. නාමල් උඩුගම කියන්නේ මා ඉතාම ප්රිය කරන ප්රවීණ ගායකයෙක්. ඒ ගෞරවය මා ළඟ තියෙනවා. ඒ නිසා ඔහුගේ ආරාධනයෙන් මා එම ගීතය ගායනා කළේ. එක්තරා අවධියක ඔහු ජනප්රියම තලයේ හිටියේ. පසුව මා ජනප්රියම තලයට ආව නිසා ඔහු විසින්මයි අපි මෙහෙම දෙයක් කරමු කියන යෝජනාව මට රැගෙන ආවේ.
අද මට බොහෝ දෙනෙක් විවිධ දේ කියනවා. මම ඒ ගීතවලින් හම්බ කරනවා කියනවා. අනුන්ගේ ගීත ගයනවා කියනවා. මේ සියලු දේට නාමල් අයියා පිළිතුරක් දෙන්න ඕන. ඒකයි මම ඇත්ත තත්ත්වය පැහැදිලි කළේ.
නමුත් අද මේ ගීතය මාධ්යවලින් ප්රචාරය කරන්න අවසරයක් ඔබට ලැබුණද?
මෙහෙමයි. මෙය එක්තරා පෞද්ගලික ආයතනයක් එක්ක නාමල් අයියා ඇති කර ගත් ගිවිසුමක්. ඒ නිසා රිංගින් ටෝන්වලට මෙය ලබාදෙන්න පුළුවන්. ඒ වගේ ම මේ ගීතය ප්රචාරය වෙන්න වෙන්න මුදල් ගලාගෙන යන්නේ නාමල් අයියටයි එම ආයතනයටයි. මට කිසිදු මුදලක් නැවත ලැබෙන්නේ නැහැ. ඒ නිසා මම කියන්න ඕන මේක නාමල් අයියගේ ම ප්රොජෙක්ට් එකක් මිස මගේ දෙයක් නෙවෙයි. නැවත නැවතත් කියන්න ඕන මම කළේ මගේ හඬ විකුණපු එක විතරයි. අද මේ ගීතය මෙතරම් ජනප්රිය ශිහාන් මිහිරංගගේ රසිකයින් එය ආදරයෙන් වැළඳ ගත් නිසයි.
ඒ නිසා එය අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කරගන්න අයගෙන් පවා මුදලක් ඔය ආයතනයටත් නාමල් අයියටත් යන බව මට කියන්න ඕන.
මේ ගීතය පමණක් නෙවෙයි තවත් ගීත කිහිපයක් ම කියන්න ඔහු මට ආරාධනා කරලා තියෙනවා. නමුත් දැන් මේ සිදුවුණ දේ හැමෝම පැහැදිලිව දැනගත යුතුයි. ඒ නිසා මම දෙපාරක් හිතයි. එක දෙයක් කිවයුතුයි මම ඔය ගීතයට මගේ හඬ අලෙවි කළා. ඒ වෙනුවෙන් ලැබිය යුතු මුදල මට ලැබුණා. එපමණයි. මෙය ඉදිරියටත් කියන්න මම අවසර තිබුණත් ඒ ගැන මම සිතා බලාවි.





