කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපොළට හදිසි ගොඩබෑමක් සිදුකිරීමට තිබූ සෞදි අරාබි ගුවන් යානාවක නියමුවා එසේ නොකිරීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියක් වාර්තා වනවා. ගල්ෆ් කින්ඩම් නැමැති පුවත්පත වාර්තා කරන්නේ ඉන්දුනීසියාවේ ජාකර්තා ගුවන් තොපුපළින් සෞදි අරාබියේ රියාද් නුවර බලා පිටත් වූ ගුවන් යානයක මෙම සිද්ධිය වී ඇති බවයි. ගුවන් යානය ශ්රී ලංකා ගුවන් සීමාවට
ඇතුළත්වීම සමගම එහි සිටි 59 හැවිදිරි මගියෙකුට හෘදයාබාදයක් හට ගෙන තිබෙනවා. එහිදී හදිසි ගොඩබැස්වීමක් ලෙස ගුවන් යානය කටුනායක ගුවන්තොටුපළට ගොඩබැස්සවීමට හැකියාව තිබියදීත් ගුවන් නියමුවා විසින් එය නොතකා රියාද් නුවර බලා යානය පියාසර කර ඇති බවයි එම පුවත්පත වාර්තා කරන්නේ. අනතුරුව ගුවන් යානය රියාද් ගුවන් තොටුපළට ගොඩබැස්සවීමට පැය 4කට පෙර හෘදයාබාදය වැළදුණු රෝගියා මිය ගොස් තිබෙනවා.





