Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

වෙඩි වැදීමෙන් තුවාල ලබා විදේශගතව ප‍්‍රතිකාර ලබමින් සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයාගෙන් කරුණු විමසා ඇතැයි වාර්තාවේ. නීතිපතිවරයාගේ ලැබෙන උපදෙස් මත දුමින්ද සිල්වා මන්තී‍්‍රවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව එම දෙපාර්තමේන්තුව කියා සිටී.

කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත්වරයා විසින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා මහතා භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා නියෝග කළේය.පාර්ලිමේන්තු වරප‍්‍රසාද ආරක්ෂා වන පරිදි මන්තී‍්‍රවරයා අත්අඩංගුවට ගත යුතු බවටද අතිරේක මහේස්ත‍්‍රාත්වරයා එහිදී නියෝග කර ඇති අතර ඒ අනුව නීතිපතිවරයාගේ උපදෙස් ලැබුණු පසු මන්තී‍්‍රවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටී.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us