Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

වැඩි ජන්ද 72 ක් ලබා ගනිමින් රනිල් නැවතත් නායකයා

නායකයා -රනිල් වික්‍රමසිංහ
උපනායකයා - ජෝෂප් මයිකල් පෙරේරා
නියෝජ්‍ය නායකයා- සජිත් ප්‍රේමදාස
ජාතික සංවිධායක - දයා ගමගේ
සභාපති - ගාමිණී ජයවික්‍රම පෙරේරා

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා තරඟයකින් නායකයෙක් පත්කර ගැනීම වසර 17කට පසු මීට ස්වල්ප වේලාවකට පෙර සිදු වුනා. ඒ අනුව පක්ෂයේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා සමඟ පැවති ජන්දයේදී නැවත වරක් එම පක්ෂයේ නායකත්වය සඳහා වැඩි ජන්දයෙන් ජයග්‍රහණය කලේ හිටපු නායක රනිල් වික්‍රමසිංහ මහතාය.

මේ අතර නියෝජ්‍ය නායකත්වය වෙනුවෙන් රවි කරුණානායක සමඟ සජිත් ප්‍රේමදාස අතර පැවති ජන්දයෙන් සජිත් ප්‍රේමදාස ද

ජාතික සංවිධායක ධූරය සඳහා දයා ගමගේ සමඟ දයාසිරි ජයසේකර අතර පැවති ජන්දයෙන් දයා ගමගේ ද තේරී පත්වී තිබෙනවා

ඊයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සභාපති සහ උප නායක තනතුරු පත්කරගනු ලැබුවා. එහිදී සභාපති ලෙස ගාමිණී ජයවික්‍රම පෙරේරාත් උප නායක ලෙස ජෝෂප් මයිකල් පෙරේරාත් පත්වුන්ගේ ජන්දයකින් තොරව සම්මුතියෙන්.

කරුගේ නිවසේදී සුබ මොහොතින් සකස් කළ ලියවිල්ලකට අනුව ඊයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී කරුගේ කණ්ඩායම නාම යෝජනා ඉදිරිපත් කෙළේ මේ ආකාරය
නායකයා -කරු ජයසූරිය
උපනායකයා -රංජිත් මද්දුම බණ්ඩාර,
නියෝජ්‍ය නායකයා - සජිත් ප්‍රේමදාස සහ
ජාතික සංවිධායක - දයාසිරි ජයසේකර ලෙසට ය. සභාපති ලෙස ඔවුන්ද තෝරාගෙන තිබුනේ ගාමිනී ජයවික්‍රම පෙරේරා ය.

පසුව උප නායක ලෙස රනිල් කණ්ඩායමෙන් ජෝෂප් මයිකල් පෙරේරා නම් කළ විට කරු කණ්ඩායම ද ඊට එකඟතාවය පළ කොට සිය නාමයෝජනාව වූ රංජිත් මද්දුම බණ්ඩාරගේ නම ඉවත් කර ගත්තේ ය.

ඒ අනුව ජෝෂප් මයිකල් පෙරේරා මහතා සම්මුතියෙන් පත්විය.

ඉතිරි තනතුරු සඳහා රනිල් කණ්ඩායම ඉදිරිපත් කළ නම් මෙසේය.
නායකයා - රනිල් වික්‍රමසිංහ
නියෝජ්‍ය නායකයා - රවි කරුණානායක,
ජාතික සංවිධායක - දයා ගමගේ

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරය සඳහා ඡන්ද විමසීමකට නොගොස් නියෝජ්‍ය නායක ධුරය සජිත් පේ‍්‍රමදාස මහතා වෙත ලබා දී උප නායක ධූරය රවී කරුණානායක මහතා වෙත ලබා දෙන ලෙස ඊයේ පැවති කෘතයාධිකාරී මණ්ඩල රැස්වීමේදී නිතරඟයෙන් පත්වූ ජෝශප් මයිකල් පෙරේරා මහතා අද පෙරවරුවේ පක්ෂ නායකත්වයෙන් ඉල්ලීමක් කර තිබුනා.

එහිදී තමා උප නායකධූරයෙන් ඉල්ලා අස් වීමට සූදානම් බව ඔහු ප‍්‍රකාශ කර තිබුනා. කෙසේ වුවද එජාප ජාතික සංවිධායක රවී කරුණානායක මහතා අද උදෑසන නියෝජ්‍ය නායක ධූරයට තරග කිරීමට අදාළ නාම යෝජනා පත‍්‍රය පක්ෂ ලේකම්වරයා වෙත භාර දුන් අතර නියෝජ්‍ය නායක තරගයෙන් ඉවත් වීමට කෙරෙන යෝජනා ඔහු ප‍්‍රතික්ෂේප කළා.

අද පැවති ජන්ද විමසීම සඳහා 96 දෙනෙකුට අවස්ථාව හිමිවූ අතර එහිදී පක්ෂ කෘත්‍යාධිකාරීමණ්ඩලයට සහ පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමාජිකයන් අයත් වුනා.

මීට පෙර එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා ජන්ද විමසීමක් වාර්තාවන්නේ 1994 වර්ෂයේ දී. එම අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත් කරමින් ගාමිණී දිසානායක පක්ෂ නායකත්වයට තේරී පත්විය. පසුව ගාමිණි දිසානායක මහතා අභාවප්‍රාප්ත වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයට පත්වූ අතර 2001 මහ මැතිවරණය හැර රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දුන් සෑම මැතිවරණයක් ම පරාජයට ලක්විය.

1999 සහ 2005 යන වර්ෂ වල දී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වුවද එම දෙවතාවේ දීම ඔහු පරාජය ලැබීය.

කරූ ජයසූරිය මහතා 2006 වසරේ එක්සත්ජාතික පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් 17 දෙනෙකු සමඟ රජයට එක්වූ අතර පසුව රජයෙන් එතරම් සැලකිල්ලක් නොලැබිනු නිසා 2008 වසරේදී නැවත වරක් එක්සත් ජාතික පක්ෂයට එක්විය. එහිදී ඔහු පවසා සිටියේ එවකට පැවති උතුරු නැගෙනහිර යුද්ධයට එක්සත් ජාතික පක්ෂය සහය නොදුන් නිසා රජයට සහය දැක්වූ බවයි. ඉන්පසු රනිල් වික්‍රමසිංහ මහතා විසින් නැවත ඔහුට පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුර පිරිනමන ලදි.

මේ අනුව කරූ ජයසූරිය මහතාට තිබුන නියෝජ්‍ය නායක තනතුරද අහිමිවිය

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us