අපර්ණා පිළිතුරු දෙයි
ජනරාල් සරත් ෆොන්සේකාගේ බාල දියණිය අපර්ණා පසුගියදා මව්බිම පුවත්පත සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූවා’
එහිදී ඇය පළ කළ අදහස් වලින් කිහිපයක් මෙසේය’
කවදහරි දවසක ඔබේ තාත්ත ඇඳුම් පැළඳුම් වලට තහංචි දාල තියනවද?
තාත්ති දන්නව අපි කවදහරි වැරදි දෙයක් කරන්නෙ නෑ කියල’තැනට සුදුසු විදිහට අඳිනව කියලත් දන්නව’’’ඒක අම්මගෙන් ආපු දෙයක් වෙන්නැති’විහිළුවට වගේ තාත්ති ඕක කොට වැඩියි’ඔය මොකක්ද ඇඳල තියෙන්නෙ කියල කියනව’
මුලින්ම ඔයාගෙ ප්‍රේම සම්බන්ධය දැනගත් වෙලාවෙ තාත්ත හැසිරුණ විදිහ මතකද?
මගේ එහෙම සම්බන්ධයක් තිබුණ කාලෙ හොඳට මතකයි’ තාත්ති දැනං හිටියා ඒත් පෙන්නුවේ නෑ’ මට කිව්ව zඔය ළමයි එක්ක වැඩි සම්බන්ධ හොඳ නෑ කියල නොකිය මට කිව්වෙ ඈත් වෙන්න කියල’’පසසෙ තාත්ති මාව තේරුම් ගත්ත’’
ගෙදර හැමෝම එකතුවෙලා අනිවාර්යයෙන් කරන්නෙ මොනවද?
අපි හැමෝම එකට ඉන්නව නම් අනිවාර්යයෙන්ම බුදුන් වඳිනව’
එල්ටීටීඊ ප්‍රහාරය වුණ වෙලාවෙ ඔහුට නැවත සිහිය ගන්න පිහිට වුනේ ඔහු කැමතිම
සින්දුවක් නේද?
ඔව් සුනිල් එදිරිසිංහ මහත්මයාගේ දුවේ නුඹ මගේ ප්‍රාණයයි සින්දුව තමයි තාත්තගේ ප්‍රියතම ගීතය වුනේ’’පුංචි රේඩියෝ එකක ඒ සින්දුව දැම්මම තාත්තිට එකපාරටම සිහිය ආව’ අක්කිගෙ වෙඩින් එක දවසෙත් දැම්මේ ඒ සින්දුව තමයි’
තාත්ත දේශපාලනයට ආපු එක ගැන ඔබ මොකද හිතන්නෙ?
මං කැමති නෑ ඒ හින්ද මට මගේ තාත්ති නැතිවුනා’’යුද්දෙ ඉවරවුණාට පස්සෙවත් තාත්ති මගෙ ළ`ගින් හිටියෙ නෑ
තාත්තව දේශපාලනයට කැඳවපු අය ගැන මොකද කියන්නෙ?
ඒ ගැන මං කථා කරන්න කැමති නෑ
ගොඨාභය අංකල් ගැන මොකද හිතන්නෙ?
ඒ ගැන හිතන්න දෙයක් නෑ මට’’ මට කියන්න තියෙන්නෙ තාත්ති ගැන පොඩ්ඩක් සාධාරණව හිතන්න තියන දේ තමයි’
මහින්ද අංකල්ට කියන්න දෙයක් තියනවද?
ඔහු පුදුම කිට්ටුවෙන් හිටියෙ තාත්තට’ඒ දෙන්න එකතුවෙලා එකට යුද්දෙ ඉවර කළා වගේම එකට ඉන්න පුළුවන් නම් හොඳයි’ මං දන් නෑ මොකක්ද වුනේ කියල’ඒත් පුද්ගලිකව ඉල්ලන්නෙ වැරදි තීන්දු වලින් නිදහස් කරල මගේ තාත්තිට සාධාරණයක් ඉටු කරන්න කියල’
ඔයා තාත්ත වෙනුවෙන් සමාව ඉල්ලනවද?
සමාව ගන්න තරම් මගෙ තාත්ති වරදක් කරල නෑ’ මොන තීරණය ගත්තත් තාත්ති ගන්න තීරණයම තමයි පවුලක් විදිහට අපිට ගන්න වෙන්නෙ’
තාත්ත නිදහස් වෙලා ආපු දවසක පවුලම මේ රට අත ඇරල යනවද?
මට පොඩි කලකිරීමක් තියනව මේ රටේ තවදුරටත් මෙහෙම ඉන්නවද කියන එක ගැන’ අපි රට දාල ගියත් මගේ අම්මයි තාත්තියි මේ රට දාල යන්නෙ නැති එක නම් විශ්වාසයි’
මේ සම්පූර්ණ සාකච්ඡාව කියවන්න මෙතැනින්







