තහනම් උත්තේජක භාවිතා කිරීමේ චෝදනාව මත පාපැදි ශූර ඇමෙරිකානු පාපැදි ශූර ලාන්ස් ආම්ස්ට්රෝන්හට ජීවිතාන්තය දක්වා තරග තහනමක් පැනවීමට ජාත්යන්තර පාපැදි සම්මේලනය තීරණය කර ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කරයි.
ස්විස්ටර්ලන්තයේ ජිනීවාහී පැවති ජාත්යන්තර පාපැදි සම්මේලනයේ විශේෂ රැස්වීමක දී මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව ලාන්ස් ආම්ස්ට්රෝන් විසින් 7වරක් දිනා ගනු ලැබු ප්රංශ පාපැදි සවාරියේ ජයග්රහණ ද අවලංගුවී ඇතැයි පැවසේ.
යූ.එස්. පෝස්ටල් කණ්ඩායම නියෝජනය කළ ආම්ස්ට්රොන් තහනම් උත්තේජක භාවිත කර ඇති බව අමෙරිකානු පාපැදි සංගමය විසින් පළමුවරට තහවුරු කරන ලදී.
මෙහිදී ලාන්ස් ආම්ස්ට්රෝන් පවසා ඇත්තේ තමා කිසිවිටෙක තහනම් උත්තේජක භාවිත නොකළ බවයි.
කලක් වෘෂණීය පිළිකාවකින් පීඩා විඳි ආම්ස්ට්රොන්ග්, 2005 ප්රංශ පාපැදි ශූරතාවෙන් අනතුරුව කී්රඩාවෙන් සමුගත්තේය.
යළිත් 2009 දී කී්රඩාවේ යළි නිරත වූ ඔහු, 2011 දී දෙවැනි වරටත් සමුගත්තේය.





