Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

පෙමට එරෙහිවූ නිසා විදුහල්පති හා ගුරුවරියන්
Photo Shop නිරුවතට ලක් කළ ආදි සිසුවා

පාසල් සිසුවියක හා පැවති පෙම් සබඳතාවයට එම පාසලේ විදුහල්පති හා ගුරුවරියන් විරෝධය පළ කර අවවාද කළ නිසා..

එම තරහට පලිගන්නට විදුහල්පතිගේ හා ගුරුවරියන්ගේ මුහුණු වෙනස්කර අන්තර්ජාලයේ පළකළ තිඛෙනවා.
බස්නාහිර පළාතේ විදුහලක විදුහල්පතිවරයෙකුගේ හා ගුරුවර ගුරුවරියන් සිවු දෙනෙකුගේ ඡයාරූපවලට වෙනත් අයගේ නිරුවත් ඡයාරූප බද්ධ කර අන්තර් ජාලයේ ෆේස් බුක් සමාජ වෙබ් අඩවියට යොමු කළ බවට සැකපිට 18 හැවිරිදි තරුණයකු කහතුඩුව වෙනිවැල්කොලදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සමග පරිගණකය හා එහි උපාංග, නිරුවත් ඡයාරූප, නිරුවත් වීඩියෝ දර්ශන හා නිරුවත් චිත‍්‍රපට දර්ශන විශාල ප‍්‍රමාණයක් ගබඩා කර තිබූ සංයුක්ත තැටිය ද කහතුඩුව පොලිසිය බාරයට ගෙන ඇත.

විදුහල්පතිවරයා පොලිසියට කළ පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

නිරුවත් ඡයාරූපයක් බද්ධ කර තිබූ ගුරුවරියකගේ ෆේස් බුක් වෙබ් අඩවියට ලද පණිවුඩයක් අනුව එය විවෘත කර බැලීමේ දී විදුහලේ යථාර්ථය යැයි නම් කර විදුහල්පතිවරයා ගුරුවරියන් දෙදෙනා හා ගුරුවරුන් දෙදෙනා නාන තටාකයක හා මල් වත්තක නිරුවත්ව සිටින අයුරු දැක්වෙන ඡයාරූප පහක් ඇතුළත් කර තිබී ඇතැයි පොලිසිය කියයි.

විදුහල්පතිවරයාගේ පැමිණිල්ලේ සඳහන් කර තිබූ සැකකාර තරුණයා පරිහරණය කළ පරිගණකයේ සංයුක්ත තැටිය පරීක්ෂා කිරීමේ දී ගුරුවරියගේ ෆේස් බුක් වෙබ් අඩවියට එවන ලද බව කියන නිරුවත් ඡයාරූප පහම එහි ඇතුළත්ව තිබූ බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වි ඇත.

මෙම සැකකරු එම විදුහලේම ආදි සිසුවකු බව පවසන පොලිසිය එම විද්‍යාලයේම ශිෂ්‍යාවක හා පැවැති ආදර සබඳතාවයට විදුහල්පතිවරයා කිහිපවතාවක්ම දොස් පැවරීම නිසා එයට උරණව මෙම සිද්ධිය කර ඇතැයි පොලිසිය කියයි.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us