Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

වෙබ් අඩවිවල තොරතුරු බලලා ඒවා පිළිගන්නවා නම් මිනිස්සු ඒවා පිළිගත්ත දෙන්..

ඔය ඕපදූප තියෙන වෙබ් අඩවි මම බලන්නෙත් නැහැ...

මොන විදියේ කතා ප්‍රචාරය වුණත් මම ඒ ගැන සැලෙන්නෙ නැහැ...

දික්කසාද වෙන්නෙ ජනප්‍රිය චරිත විතරක් ‍නෙවෙයි - පියුමි බොතේජු කියයි

පියුමි බොතේජු වර්තමානයේ රංගන ශිල්පිනියක් ලෙස ප්‍රේක්ෂක ජනතාව අතර වැඩි ජනප්‍රියත්වයක් හිමිකර ගැනීමට සමත්ව තිඛෙනවා.

මේ හේතුව නිසාම පියුමිගේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු පවා සොයන්නට ප්‍රේක්ෂකයන් උනන්දුවක් දක්වනවා
පසුගිය දවස්වල අන්තර්ජාලයේ ඔබ දික්කසාද වෙන්න සූදානම් වනබවට කතාවක් පළ වුණා?
ප්‍රේක්ෂකයන් අතරින් කලාතුරකින් කෙනෙක් කැමතියි අපි දික්කසාද වෙනවා දකින්න. ඒ විදියේ තොරතුරු හොයන අය වෙනුවෙන් තොරතුරු සපයන්න ඔය කියන මාධ්‍ය ක්‍රියාත්මක වෙනවා. ඒ පිරිස් වෙනුවෙන් අපි ඩිවෝස් වෙන්න යන බවට තොරතුරු පළ කරනවා.

මෙවැනි තොරතුරක් ඔබ සම්බන්ධයෙන් පළවීම ගැන ඔබ කියන්නෙ මොනවද?
මම ඒකට උත්තර දෙන්නෙ නැහැ. මට පෞද්ගලික ජීවිතයක් තියෙනවා. මම ඒ පෞද්ගලික ජීවිතය රැකගන්න ඕන. ඔය විදියේ තොරතුරු තියෙන වෙබ් අඩවිවල තොරතුරු බලලා ඒවා පිළිගන්නවා නම් මිනිස්සු ඒවා පිළිගත්තදෙන්. මිනිස්සු හිතන දේ හිතපුදෙන්. මට අනිත් අය හිතන දෙයින් වැඩක් නැහැ. කෙනෙක් ජනප්‍රිය වුණත් ඒ පුද්ගලයත් ලෙයින් මසින් හැදුණු සාමාන්‍ය කෙනෙක්. ඒ නිසා ජනප්‍රිය පුද්ගලයන්ගෙ පෞද්ගලික ජීවිතයට අනවශ්‍ය ලෙස ඇගිලි ගැසීම හොඳ දෙයක් නෙවෙයි. අනික දික්කසාද වෙන්නෙ ජනප්‍රිය චරිත විතරක් නෙවෙයිනේ. එකට ඉන්න බැරි වුණාම සාමාන්‍ය අයත් ඕන තරම් දික්කසාද වෙනවා. ඒවා ගැන මිනිස්සු කතා කරන්නෙ නැහැ. මට වැදගත් වෙන්නේ මම කරන දේ හරියට කිරීමයි. මම බොහොම හොඳට ජීවිතයේ කටයුතු කරගෙන යනවා.

මෙ වැනි ප්‍රචාරයක් මහජනතාවට ලබාදීමට විරුද්ධව යම් පියවරක් ගන්න ඔබ සූදානම්ද?
නැහැ. ඒ වගේ දේවල්වලට කාලය නාස්ති කරන්න මට වේලාවක් නැහැ. ඔය ඕපදූප තියෙන වෙබ් අඩවි මම බලන්නෙත් නැහැ. මොන විදියේ කතා ප්‍රචාරය වුණත් මම ඒ ගැන සැලෙන්නෙ නැහැ.

මේවනවිටත් සැමියා ඉන්නෙ විදෙස්ගතවද?
නැහැ. ඔහු ඉන්නෙ ලංකාවේ. එයා ලංකාවේ පදිංචියට ඇවිත් ටික කාලයක් වෙනවා.

රංගන ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් ඉක්මනින් විවාහ වෙනවා සහ ඉක්මනින්ම දික්කසාද වෙනවා. මේ ගැන ඔබේ අදහස?
රංගන ක්ෂේත්‍රයේ පමණක් නෙවෙයි හැම ක්ෂේත්‍රයකම අය විවාහවෙනවා දික්කසාද වෙනවා. ඒක ඒ අයගේ පෞද්ගලික ජීවිතය. ඒ ගැන මම කතා කරන්න කැමැති නැහැ.
ක්ෂේත්‍රයේ අය දන්නවා මම කාගෙවත් පෞද්ගලික තොරතුරු අනවශ්‍ය විදියට හොයා බලන කෙනෙක්වත් ඕපදූප හොයන කෙනෙක්වත් නොවෙන වග. මම මගේ වැඩේට මූලිකත්වය දීලා කටයුතු කරන කෙනෙක්.
විශේෂයෙන් වෙබ් අඩවිවලින් පළ කරන තොරතුරු සීයට සීයක්ම නිවැරදිද කියලා හොයලා බලන්න ඕන. ඔවුන් තොරතුරු පළ කරන්නේ ඒ තොරතුරු සීයට සීයක් ඇත්තද නැත්තද කියලා හොයලා බලලා නෙවේ. රංගන ශිල්පියෙක් හැටියට අපි අපේ රගපෑම් හරියට කරනවද නැද්ද කියන එක සොයන එකයි මාධ්‍ය මගින් වෙන්න ඕන. අපේ පෞද්ගලික ජීවිතයේ ප්‍රශ්න හොයමින් අනවශ්‍ය ලෙස කතා කිරීම නෙවේ.

ඔබ බොහෝ නිර්මාණවලට දායක වන කෙනෙක්. ඒ නිසා ගේ දොර කටයුතුවලට වෙන් කරන්න තියෙන කාලය අඩු ඇති නේද?
මම මගේ පෞද්ගලික ජීවිතයේ කටයුතු කරන්න වෙලාවක් වෙන් කර ගන්නවා. දොඩංගොඩ බදාගන්නවා වගේ හැම දෙයක්ම එක සැරේට බදාගන්නෙ නැහැ. සති අන්තයේ ඉරිදා දවසේ මම නිතරම ඉන්නෙ ගෙදරයි.

රංගන ශිල්පිනියක් නොවුණ  නම් ඔබ මොන වෘත්තියේ නිරත වේවිද?
පුංචිකාලේ ඉඳලා මට තිබුණ ලොකුම බලාපොරොත්තුව තමයි ගුවන් සේවිකාවක් වීම. ඒ අරමුණින් තමයි මම උසස් පෙළ සඳහා භාෂාවන් හැදෑරුවේ. නමුත් ගුවන් සේවිකාවක් වෙනවට අපේ ගෙදර අය කැමති වුණේ නැහැ. ඒ නිසා ගුවන් සේවිකාවක් වීමේ බලාපොරොත්තුව මට ඉටුකර ගන්න බැරි වුණා. රංගන ශිල්පිනියක් ලෙස අද ලැඛෙන ආදරයත් එක්ක ගුවන් සේවිකාවක් වෙන්න බැරිවීම ගැන කනගාටුවක් නැහැ. ගුවන් සේවිකාවක් වුණානම් මේ ප්‍රේක්ෂක ආදරය මට ලැඛෙන්නෙ නැහැ.

ඔබේ ජීවිතයේ හොඳම මිතුරන් කවුද?
රංගන ක්ෂේත්‍රයේ මගේ හොඳම යාළුවා තමයි සුදර්ශන බණ්ඩාර. ඒ වගේම මගේ අක්කි ආශි මගේ හොඳම මිතුරියක්. ඒ වගේම නංගිත් මල්ලිත් මගේ හොඳම යාළුවෝ.

ඔබට රගපාන්න ලැබුණු ඉදිරියේදී ඔබව දැකගන්න ලැඛෙන සුවිශේෂී චරිත මොනවද කියලත් අපි කතා කරමු?
රංජා චිත්‍රපටයේ වැඩ කරන්න මට ආරාධනාවක් ලැබුණා. ඒකෙ මට රගපාන්න තියෙන්නේ මැර කාන්තාවකගේ චරිතයක්. පාරෙදි මිනිස්සුන්ව මරන්න වෙන පාතාලයේ කාන්තාවක් වගේ චරිතයක්. ඒ වගේ චරිත කරන්න බොහෝ දෙනෙක් බාර ගන්නෙ නැහැ. නමුත් රංගන ශිල්පිනියක් හැටියට මට ඒ චරිතයෙන් යමක් කරන්න පුළුවන් කියලා හැගුණ නිසා මම ඒ චරිතය බාර ගත්තා.

ඔබ වේදිකානාට්‍යසමග සම්බන්ධ වුණේ මොන විදියටද? තවමත් වේදිකා නාට්‍යවල රගපානවද?
මම මුලින් වේදිකා නාට්‍යයකට සම්බන්ධ වුණේ මල්සර බිසව් නාට්‍යයෙන්. ඉන් පස්සෙ තාරාවෝ ඉගිලෙති නාට්‍යයට සම්බන්ධ වුණා. ඒ වේදිකා නාට්‍යයට සම්බන්ධවෙලා ටික කාලෙකදී මාව ඒකෙන් අයින් කරා. ඉන්පස්සෙ දෙනුවර දෙන්නෙක්, ආඩම්බරකාරිය, මං දියවෙලා, කියන නාට්‍යවලට සම්බන්ධ වුණා.



ලක්බිම රිද්ම ලිපිය - ඩී. මලවර ආරච්චි

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us