
පසුගිය 23 වැනි දින කොළඹ කොටුව දුම්රිය පල ඉදිරිපිට පවත්වන ලද විරෝධතාවකදී සිංහල සංවිධාන විසින් එම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.
ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකාව ක්‍රියා කිරීම හෙලාදැක ඇමෙරිකානු භාණ්ඩ සියල්ල වර්ජනය කළ යුතුයැයි මෙහිදී අවධාරණය කර තිබේ.
''රට වෙනුවෙන් ඇමරිකානු භාණ්ඩ වර්ජනය කරමු'' තේමාව සහිත ස්ටිකරයක් එම විරෝධතාකරුවන් විසින් මාර්ගයේ ගමන් කල රථවාහන වල අලවනු ලැබිය.
'කොකා කොලා' සහ 'පෙප්ප්සි කොලා' වර්ජනය කරන ලෙස ද ඔවුන් තරුණ තරුණියන්ගෙන් ඉල්ලීමක් කළේය.
ජිනීවා හි එක්සත් ජාතීන් මානව හිමිකම් සභාවේදී ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත කිරීමට විරෝධය පල කිරීම සඳහා, ඇමෙරිකානු භාණ්ඩ වර්ජනය කළ යුතු යැයි එම සිංහල සංවිධාන ඉල්ලා සිටියේය.









