Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

වසර දෙකක් තිස්සේ පිළිකා රෝගයෙන් පීඩි විඳි වෙනිසියුලානු ජනපතිවරයා මිය ගොස් ඇති බව අද තහවුරු කළා.

ඔහු මියගියේ ඊයේ (5) අගහරුවාදාය. මින් ඉහත ඔහු මියගිය බවට කටකතා පැතිරුණත් වෙනිසියුලානු බලධාරීන් එය ප්‍රතික්ෂේප කර තිබුණා.

පසුගිය වසරේ ජනපතිවරණයෙන් තවත් වසර 6 කට බලය තහවුරු කරගෙන ටික දවසකින්ම පිළිකා තත්වයට කියුබාවේ සැත්කමක් සඳහා ගිය චාවේස්ගේ ආයු කාලය මාස කිහිපයකටම සීමා වනු ඇති බව පසුගිය වසරේ අග වාර්තා වුණා. කියුබාවේ සැත්කමට පෙර ඔහු සිය රට වූ වෙනිසියුලාවේ පෙනී සිටියේ පසුගිය දෙසැම්බර් 14 දායි.
එදායින් පසු එරට ජනතාව ඔහු දුටුවේ නැත පසුගිය පෙබරවාරි මස සියරට බලා පැමිණි ඔහු මියයන විට 58 වන වියෙහි පසුවිය. වෙනිසියුලානු නායකයා දැනට වසර 14 ක කාලයක සිට එරට පාලනය හෙබවූ අතර පසුගිය ඔක්තෝබර් මාසයේදී පැවති ජනාධිපතිවරණයෙන්ද තවත් වසර 6 ක් සඳහා ජනවරම හිමිකරගනු ලැබූ  නමුත් රෝගී තත්වය නිසා දිවුරුම්දීමට නොහැකිවිය.

වෙනිසියුලානු ජනාධිපතිවරයා පසුගිය 2011 වසරේදී පිළිකා රෝගයට ගොදුරුවීමෙන් පසු මේ දක්වා ශල්‍යකර්ම 4 කට භාජනය කර තිබුණත් සුවය ලැබුවේ නැත.

වෙනිසියුලාවේ උපජනපති නිකලස් මාදුරෝ ජාතිය අමතමින් චාවෙස් සියගිය බවට ඊයේ රාත්‍රී නිවේදනය කළ අතර ඔහු දැනට වෙනිසියුලාවේ භාරකාරත්වය ගෙන ඇත.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us