
9 වැනි රයිගම් ටෙලීස් ජාතියේ ටෙලි සම්මාන උළෙල අති උත්කර්ෂවත්ව සහ අති සාර්ථකව වෝටර්ස් එජ් හීදී පැවැත්වින. මෙවර උළෙල සදහා කලා ලොව 1000 කට අධික ශිල්පීන් ශිල්පිනියන් ප්රවීණයින් සහ විද්වතුන් ද සහභාගී විය.
රයිගම් ටෙලීස් 2012 උළෙලේදී විශිෂ්ටතම ටෙලිනාට්ය ලෙස සම්මානයට පාත්ර වුයේ ධවල කඩුල්ල ටෙලි නාට්යයයි. කාංචනා මෙන්ඩිස් වසරේ විශිෂ්ටතම ටෙලි නාට්ය නිළියට හිමි සම්මානය හිමි කර ගනිද්දි විශිෂ්ටතම නළුවාට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ ශ්රියන්ත මෙන්ඩිස් ය.
මෙවර උළෙලේ දී වැඩිම මහජන ප්රසාදයක් ලබමින් ජනප්රිය නළුවා බවට පත් වූයේ සාරංග දිසාසේකරය. ජනප්රිය නිළිය ලෙස මෙවර සම්මාන හිමි කරගත්තේ අශා එදිරිසිංහයි. රූපවාහිනි මාධ්ය වෙනුවෙන් අද්ව්තීය මෙහෙවරක් ඉටු කළ ජේෂ්ඨයින් දෙදෙනෙකු වෙනුවෙන් මෙවර උළෙලේදී ද විශේෂ ප්රණාම සම්මාන 02 ක් පිරිනැමීය. එම සම්මාන 02 ක ගරු අර්නස්ට් පෝරුතොට පියතුමාට සහ ආචාර්ය ලලිතා සිරිබද්දන මහත්මිය වෙත පුද කෙරිණ.
කලාකරුවෙකුට ජිවිතයේ එක් වරක් පමණක් රයිගම් ටෙලීස් වෙතින් පිදෙන ප්රතිභා ප්රභා ගෞරව සම්මානය මෙවර පිරිනැමුවේ අචාර්ය ධර්මසිරි පතිරාජ ශුරීන්ටය. මෙවර උළලේ ප්රධාන අරාධිත අමුත්තා වශයෙන් හිටපු අග්රාමාත්ය,යහපාලනය පිළිබද ජේෂ්ඨ අමාත්ය ගරු රත්නසිරි වික්රමනායක මහතා සහභාගි විය.




