Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

එල්.ටී.ටී.ඊ යට අවශ්‍ය යුධ උපකරණ සැපයූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයා කරුණු රැසක් හෙළි කර තිබෙනවා...

කොටි නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ ත‍්‍රස්ත කි‍්‍රයාකාරකම් පිළිකුල් සහගත බව ඔහුගේ පාසල් කාලයේ මිතුරෙකු සහ ප‍්‍රබල එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු වූ ගුණසුන්දරම් ජෙයසුන්දරම් ප‍්‍රකාශ කර ඇත. ඔහු මෙම අදහස් ප්‍රකාශ කර ඇත්තේ (10) කොළඹ මහාධිකරණයේදී ය.

ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය (11) ඔහුගේ ප‍්‍රකාශය මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

ජෙයසුන්දරම් ප‍්‍රභාකරන්ගේ පාසල් අවධියේ සිටම මිතුරෙකු වූ බවත් ඔහු එල්.ටී.ටී.ඊ සංවිධානයට අවශ්‍ය යුධ උපකරණ වන්නියට එවා ඇති අතර කොටි සංවිධානය වෙනුවෙන් නැවක් ද මිලදී ගෙන තිබෙන බව ඔහුගේ ප්‍රකාශයේ සදහන් වේ.
මොහුට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු පැවරීමෙන් අනතුරුව ඔහු කොටි සංවිධානයට සහය දැක්වූ ආකාරය පිළිබඳ කරුණු රැසක් අනාවරණය විය. තමන් පාසල් කාලයේ සිටම කොටි නායකයා ඇසුරු කළ බවත් එසේම මුහුදු කොටි නායක සුසෙයි මෙන්ම, තමිල් සෙල්වම් ද තමන් මුණ ගැසුණු බවත්, ලන්ඩනයේ සිට කොටි සංවිධානයේ අවි ගනුදෙණු මෙහෙයවූ බවත් ජෙයසුන්දරම් ප‍්‍රකාශ කර ඇත. පසුව සිංගප්පූරුවේ සමාගම් දෙකක් හරහා දෙමළ ඩයස් පෝරාවෙන් එල්.ටී.ටී.ඊ ය වෙත ලැබුණු මුදල් යොදා ගෙන අවි ගණුදෙණු සිදුකළ බව ඔහු හෙළි කර ඇත.

ස්විට්සර්ලන්තය, කැනඩාව සහ සිංගප්පූරුව යන රටවලින් වැඩි වශයෙන් එම ආධාර ලැබී තිබෙන අතර කොටි සංවිධානයට අවි ප‍්‍රවාහනය කිරීම සඳහා තමන් නෞකාවක් ද මිලදී ගත් බව මොහු ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත්, සිය විශේෂ ප‍්‍රකාශය මගින් ඔහු අවධාරණය කළේ පසුකාලීනව ප‍්‍රභාකරන් තමාට පිළිකුල් වූ බවයි. දමිළ දේශානුරාගය නිසා කොටි සංවිධානයට සහය දැක්වූ බවත්, වෙනම රාජ්‍යයක් ඉල්ලා බෙදුම්වාදී අදහස් වැපිරවීමෙන් වැළකිය යුතු බවත් ජෙයසුන්දරම් සඳහන් කර ඇත. දෙමළ ඩයස් පෝරාවේ කි‍්‍රයාකාරකම් ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අවාසිය පිණිස නිරන්තරයෙන් හේතුවන බව ප‍්‍රකාශ කරන ජෙයසුන්දරම් තමන් පුනරුත්ථාපනය වීමට කැමති බව ද අධිකරණය හමුවේ ප‍්‍රකාශ කර ඇත.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us