
පඩිපෙලකින් ඇද වැටී අතක් බිඳී ගියේ ජනවාරි 17 වැනිදා...
නාමල් අචලාට බොරු පොරොන්දු දීලා?..
තමන්ට කෘතිම අතක් ලබාදෙන බවට රටේ බලවත් පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් දුන් පොරොන්දු සිහිනයක් බවට පෙරලී ඇතැයි කොළඹ නීති විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන අචලා ප්‍රියදර්ශනී මෙනෙවිය කියයි.
පොරොන්දු වු පරිදි ලබාදෙන බව පැවසු කෘතිම අත මෙතෙක් නොලැබීම හේතුවෙන් තමා දැඩි අපහසුතාවකට පත්ව ඇතැයිද ඇය පවසනවා.
ඇය කියා සිටියේ මේ හේතුවෙන් අධ්‍යයන කටයුතු ඉදිරියට කරගෙන යාමට පවා ගැටලූ මතුව ඇති බවයි.
තමා රෝගී වු අවස්ථාවේ බොහෝ පිරිසක් තමන්ට කෘතිම අතක් ලබාදෙන බවට පොරොන්දු වුවද ඒවා අද වන විට පොරොන්දුවලට පමණක් සීමාවී ඇතැයි අචලා පවසයි. ඉකුත් ජනවාරි 17 වැනිදා සිය නිවසේ පඩිපෙලින් ඇද වැටී වම් අතේ අස්ථී බිඳිමකට ලක්වු ඇය ප‍්‍රතිකාර සඳහා පළමුවරට ඇතුලත් කළේ මාතර මහරෝහලටයි. බිඳුණු අස්ථි යළි සවි කිරීමට යෙදු ප්ලාස්ටරය නිසි පරිදි නොදැමීම හේතුවෙන් ඇගේ අතේ ස්නායු අක‍්‍රිය වුණා.

අචලා කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබන අවස්ථාවේ ඇයට විද්්‍යුත් අතක් සවි කිරිමට අවශ්‍ය මුදල් ලබාදීමට රජය මෙන්ම වෙනත් ආයතන සහ පුද්ගලයින් එකඟතාව පළකර තිබු බවට මාධ්‍ය වාර්තා පළ වුණා.
උසස් අධ්‍යාපන අමාත්‍යංශය ද ප‍්‍රකාශ කර තිබුණේ අචලා ප‍්‍රියදර්ශනිට කෘතිම අතක් ලබාදීමට මෙන්ම ඇගේ දෙමව්පියන්ට විශේෂ සහන සැලසීමට ද තීරණය වී ඇති බවයි. කෙසේවෙතත් මෙතෙක් කිසිඳු පුද්ගලයෙකු තමන්ට පිහිට නොවු බවයි අචලා ප‍්‍රියදර්ශනි කියා සිටියේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රටේ මහත් ආන්දෝලනයක් හටගත් අතර ජනාධිපති පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොළඹ මහ රෝහලට ගොස් අචලා ප්‍රියදර්ශනී හමුවී කෘතිම අතක් වහාම ලබා දෙන බවට පොරොන්දු වි තිබිණ.
කෘති‍්‍රම අත් නිෂ්පාදනයේ දී ඉතා ඉහළ තාක්ෂණයක් පවතින්නේ ඊශ‍්‍රායලයේ බැවින් එම රටෙහි මෙම ශිෂ්‍යාවට අවශ්‍ය කෘති‍්‍රම අත ලබාගැනීමට කටයුතු කරන බවත්, එය සතියක් ඇතුළත දිවයිනට ගෙන්වීමට කටයුතු කරන බවත් නාමල් රාජපක්ෂ මන්තී‍්‍රවරයා ඇයට පොරොන්න්දුවී තිබිණ.
ප්‍රචාරක වාසිය තකා ආණ්ඩුවේ හා විපක්ෂයේ දේශපාලඥයන් ගණනාවක් එකල කොළඹ රෝහලට ගොස් අචලාට දහසක් පොරොන්දු දුන්හ. දේශපාලඥයන් රෝහලේදී අචලා සමග සිනහ මුසු මුහුණින් සාකච්ඡා කළ ආකාරය දැක්වෙන ඡායාරූපද ජනමාධ්‍යන්හි දිනපතා පලවිය.එහෙත්, දේශපාලඥයන් දුන් පොරොන්දු කිසිවක් තවමත් සැබෑ නොවූ බව අචලා ප්‍රියදර්ශනී මෙනවිය කියා සිටින්නීය.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලිම සඳහා පත්කළ සිව් පුද්ගල කමිටුවේ වාර්තාව ඉකුත් පෙබරවාරි 12 වැනිදා සෞඛ්‍ය අමාත්‍යංශය වෙත භාර දුන්නා. එම වාර්තාවේ සඳහන් වුයේ මාතර රෝහලේ කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකුගේ නොසැලකිල්ල අචලාගේ අත කපා දැමීමට හේතුවු බවයි.ඒ අනුව මාතර මහරෝහලේ වෛද්‍යවරුන් සහ හෙද නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් 21 දෙනෙකුට චෝදනා පත‍්‍ර ද භාරදුන්නා.
