Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

ඉන්දරත්න හිමියන්ගේ ආදාහන පූජෝත්සවය හෙට...

බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ දේහය දහස් ගණනකගේ දුක් සුසුම් මැද ඊයේ 26 රාත්‍රී අටට පමණ කහවත්ත පොරෝනුව සුගත විහාරස්ථනය වෙත වැඩම කරවා තැන්පත් කරනු ලැබූහ.

රාත්‍රීය වූවත් ගම්වාසීන් බොහෝ පිරිසක් වැල නොකැඩී පැමිණ ඉන්ද්‍රරතන හිමියන්ට අවසන් ගෞරව දැක්වූහ.

සිහල රාවය සංවිධානය විසින් ඉන්ද්‍රරතන හිමියන්ගේ දේහය රැගෙන ගොස් නිදහස් චතුරස්‍රයේ තැන්පත් කිරීමට උත්සාහ ගෙන තිබු අතර පොලිසිය විසින් මාළිගාකන්ද අධිකරණයෙන් ලබාගත් නියෝජගයකට අනුව අපවත් වූ හිමියන්ගේ දේහය පොරෝනුව ශ‍්‍රී සුගත විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය පැල්මඩුල්ලේ වජිරඥාන හිමියන්ට භාර දෙන ලෙස දැනුම් දී තිබෙනවා.
ඒ අනුව හිමියන්ගේ ආදාහන කටයුතු පොරෝනුව - පොදු ක‍්‍රීඩාංගනයේදී පවත්වන ලෙස ද එම නියෝගයේ සඳහන්ව තිබිණා..එම අධිකරණ නියෝගය මත ඉන්ද්‍රරතන හිමියන් වැඩ වාසය කළ විහාරස්ථානයේ දේහය තැන්පත් කිරීමට පොලිසිය අනුමැතිය ලබා ගත්තේය.

ඉන්දරතන හිමියන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (28) පස්වරු 3 ට පොරෝනුව - පොදු ක‍්‍රීඩාංගනයේදී පැවැත්වෙන බව පොරෝනුව - ශ‍්‍රී සුගත විහාරයේ දායක සභාවේ භාණ්ඩාගාරික ජගත් ආනන්ද සඳහන් කළා. ඔහු කියා සිටියේ මෙම තීරණය ගනු ලැබුවේ අධිකරණයෙන් ලබාදුන් තීන්දුවට අනුව බවයි.

එමෙන්ම අද (27) දිනයේ කහවත්ත නගරයේ සුරාසැල් සහ ගව මස් අලෙවිසැල් වසා දමා ඇති අතර, නගරයේ ද කහකොඩි වලින් සරසා තිබුණා. එමෙන්ම නගරයේ සහ විහාරස්ථානය අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා ඇති බවයි සදහන් කළේ.

සිංහල රාවය සංවිධානය කියා සිටියේ හෙට (28) දිනයේ කහවත්ත ප‍්‍රදේශයේ දී පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමියන්ගේ ආදාහන පූජෝත්වය පැවැත්වීමට තම සංවිධානය බලවත් විරෝධය පළ කරන බවයි. එම සංවිධානයේ කි‍්‍රයාකාරී සාමාජික තිළිණ රත්නායක කියා සිටියේ තම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් පිරිසක් ඉන්දරතන හිමියන්ගේ දේහයට අද (27) අවසන් ගෞරව දැක්වූ බවයි.

බොදුබල සේනා සංවිධානය සහ ජාතික හෙළ උරුමය එක්ව පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමියන් සිරුරට ගිනි තබාගත් දළදා මාළිගාව ඉදිරිපිට අද (27) අධිෂ්ඨාන පූජාවක නිරත වුණා. ඉන් අනතුරුව අපවත් වූ ඉන්දරතන ස්වාමීන් වහන්සේ වෙනුවෙන් මතක වස්ත‍්‍ර පූජා කිරීමක් ද එහිදී සිදුවුණා.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us