Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

අල්ලස් ගත් නඩුකාරවරයා රක්ෂිත බන්ධනාගාරයට..

නඩුවක පැමිණිලිකරුවකුගෙන් රුපියල් ලක්ෂ තුනක අල්ලසක් ලබා ගත්තේ යෑයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හෝමාගම දිසා විනිසුරු සුනිල් අබේසිංහ මහතා

ජුනි මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් ගිහාන් පිළපිටිය මහතා ඊයේ (30 දා) සවස නියෝග කළේය.
හංවැල්ල ප්‍රදේශයේ පිහිටි පැමිණිලිකරුගේ නිවසේදී අල්ලස් ලබා ගන්නා අවස්ථාවේදී දිසා විනිසුරුවරයා අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම මහෙස්ත්‍රාත්වරයාට සඳහන් කළේය...

හෝමාගම දිසා අධිකරණයේ විභාග වෙමින් තිඛෙන සිවිල් නඩුවකට අදාළව එහි පැමිණිලිකරුගෙන් සැකකාර දිසා විනිසුරුවරයා අල්ලස් ලබාගෙන ඇතැයි පැමිණිල්ලේ සඳහන් වේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත ලැබුණු තොරතුරක් මත එම නිලධාරීන් කණ්ඩායමක් පෙරේදා (29 දා) රාත්‍රි 10.00 ට පමණ හංවැල්ලේ පිහිටි පැමිණිලිකරුගේ නිවසට ගොස් දිසා විනිසුරුවරයා අත්අඩංගුවට ගත් බව ද එහි දැක්වේ.

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගන්නා ලද දිසා විනිසුරුවරයා ඊයේ සවස කොළඹ මහෙස්ත්‍රාත්වරයාගේ නිලනිවසට ඉදිරිපත් කළේය.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us