Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා පමණක්‌ නොව අන්තවාදී පෙළඹවීම් සිදු කිරීමට උත්සාහ දරන තවත් පුද්ගලයින් පිළිබඳව රජය අවධානයෙන් සිටින බව රාජ්‍ය ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා  පැවසීය.

කොටි නායක ප්‍රභාකරන් අවි අතට ගනිද්දී එදා ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායක අමිර්තලිංගම් සැලකුවේ කොල්ලන්ගේ කොලු වැඩ ලෙසයි.

නමුත් ප්‍රභාකරන්, අමිර්තලිංගම් මහතාවද ඝාතනය කළා යෑයි ආරක්‍ෂක ලේකම්වරයා සඳහන් කළේය.
අසාද්සාලි මහතා අත්අඩංගුවට ගත්තේ ඔහු තමිල්නාඩුවට ගොස්‌ අයුධ අතට ගැනීම සඳහා අන්තවාදීන් පෙළඹවීමට උත්සාහ දැරූ නිසා බව පැවසූ ආරක්‍ෂක ලේකම්වරයා තමා ආරක්‍ෂක ලේකම්ධුරයේ සිටින තුරු අන්තවාදී ක්‍රියා සිදු කිරීමට හෝ අන්තවාදීන් බිහිවීමට හෝ ඉඩ දෙන්නේ නැතැයිද කීවේය.

අසාද්සාලිට කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් වැනි කෙනෙකු වීමට බැහැ." එවැනි ප්‍රභාකරන්ලා බිහිවීමට හෝ බිහිකිරීමට මා කිසි විටෙකත් ඉඩ තබන්නේ නැහැ. අසාද්සාලි අත්අඩංගුවට ගැනීම ගැන කිඹුල් කඳුළු හලන උදවිය ගැනත් අපි හොඳින් දන්වා " යෑයි ගෝඨාභය රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us