Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජිණ සහභාගි නොවේ..
චාල්ස් කුමරු ලංකාවට..

මේ වසර අගදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජිණ සහභාගි නොවන බව බකිංහැම් මාලිගය නිවේදනය කළේය.

පොදු රාජ්‍ය මණ්ඩලයේ නායිකාව වන එලිසබෙත් රැජිණ 1973 න් පසුව එම සමුළුවට සහභාගි නොවන පළමු වතාව මෙයයි...

87 හැවිරිදි රැජිණගේ දීර්ඝ විදේශ චාරිකා ප්‍රමාණය අඩු කිරීම පිලිබඳ අවධානය පලවී තිබෙන බව පවසන බකිංහැම් මාලිගය, බ්‍රිතාන්‍ය කිරුල හිමි චාර්ල්ස් කුමරු ඇය නියෝජනය කරමින් රාජ්‍ය නායක සමුළුවට සහභාගි වන බව ද නිවේදනය කොට තිබේ.
ශ්‍රී ලංකාවේ දිගින් දිගටම මානව හිමිකම් උල්ලංඝනයන් සිදුවන බව පවසන ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන, පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට එරෙහිව උද්ඝෝෂණයක යෙදී සිටී.

සමුළුව වර්ජනය කරන බව කැනඩාවේ අගමැතිවරයා දැනටමත් නිවේදනය කොට තිබේ..කෙසේ නමුත්, රැජිණගේ තීන්දුව සහ එම උද්ඝෝෂණය අතර කිසිදු සම්බන්ධයක් නැති බවයි, බකිංහැම් මාලිගය පවසන්නේ.

එලිසබෙත් රැජිණ නියෝජනය කරමින් සමුළුවට සහභාගි වන චාල්ස් කුමරු තමන් හරසරින් පිළිගන්නා බව, ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසයි

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us