Jul
19

පවතින මැතිවරණ උණුසුමත් සමඟ මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන් ඉලක්ක කරමින් විවිධාකාරයේ අපහාසාත්මක පුවත් අන්තර්ජාලයේ, විශේෂයෙන්ම ෆෙස්බුක් අඩවිය තුල සංසරණය වීම දැකිය හැක. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට ද මේ දිනවල එවන් අත්දැකීමකට මුහුණ දීමට සිදුවී ඇත.
ඒ පිලිබඳ තම නිල ෆෙස්බුක් පිටුව ඔස්සේ අදහස් දක්වන විමල් වීරවංශ මහතා පවසා සිටින්නේ එම පෝස්ටර් සඳහා යොදාගත් ඡායාරූපවල සිටින්නේ තම ඥාති දිය‚වරුන් කිහිපදෙනෙක් බවත් දේශපාලන අරමුණු ඉටු කරගැනීම වෙනුවෙන් එවන් අපහාසාත්මක පෝස්ටර් නිර්මාණය කර අන්තර්ජාලයට එක්කිරීම ඉතා නින්දිත බවත් ය.
ඒ හරහා ඔවුන් අපහසුතාවයට පත්වීම වැලැක්වීම වෙනුවෙන් තම පවුලේ ඡායාරූප කිහිපයක් ෆෙස්බුක් ගිණුමට එක්කිරීමට ද වීරවංශ මහතා ක්‍රියාකර තිබු‚.
එම අපහාසාත්මක පෝස්ටරය,..
මේ වීරවංශ මහතා සිය ඥාති දියණිය සමග ගත් තවත් පින්තූර කිහිපයක්..