පාකිස්ථානයේ පළමු පෙළ දේශපාලනඥ මෙන්ම හිටපු ක්රිකට් නායකයකු වන ඉම්රාන් ඛාන් ලාහෝරයේ පැවති මැතිවරණ ප්රචාරක රැළියක් අතරතුර ඇද වැටීමෙන් තුවාල ලබා තිබේ.
පාකිස්ථාන වාර්තා පවසන්නේ වෙළෙඳපොළක් ආශ්රිතව රැස්වූ ජනතාව ඇමතීම සඳහා ඔහු ෆෝක් ලිෆ්ට් යන්ත්රයකට නැගි අවස්ථාවේ මේ අනතුරට මුහුණ පා ඇති බවය.