ශ්රී ලංකාවට එරෙහිව උපවාසයක යෙදුණු තමිල්නාඩු රංගන ශිල්පීන් පෙනී සිටින චිත්රපට ශ්රී ලංකාවේ ප්රදර්ශනය කිරීම අත්හිටුවීමට ජාතික චිත්රපට සංස්ථාව අද පොරොන්දු වු බව 'රාවණා බලය' සංවිධානය පවසයි.
එම සංවිධානයේ කැඳවුම්කරු පූජ්ය ඉත්තැකන්දේ සද්ධාතිස්ස හිමියන් කියා සිටියේ, එකී පොරොන්දුව සඳහන් ලිපියක් ද ඔවුන්ගෙන් ලබාගත් බවයි.
'රාවණා බලය' සංවිධානය චිත්රපට සංස්ථාව ඉදිරිපිට අද පෙරවරුවේ උද්ඝෝෂණයක් කළේය.





