Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහිව පවරා ඇති හයිකෝප් නඩුව කොළඹ මහාධිකරණයේ විනිසුරු සුනිල් රාජපක්ෂ හමුවේ අද විභාගයට ගැනිණි.
එහිදී හිටපු හමුදාපතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රුක්ෂාන් නානායක්කාර විසින් සරත් ෆොන්සේකාට එරෙහිව යුධ අධිකරණයේ පැවති නඩුවේ සාක්ෂි මහාධිකරණයට ඉදිරිපත් කරනු ලැබිණි.

ඔහු එම සාක්ෂි ඉදිරිපත් කළේ අධිකරණයේ භාෂා පරිවර්ථක එම්.එස්.ඒ නෆ්ලිගේ සාක්ෂි මගිනි.

 එම්.එස්.ඒ නෆ්ලි අධිකරණයේ සාක්ෂි කූඩුවට නැග‍ දෙවන යුධ අධිකරණය හමුවේ බ්‍රිගේඩියර් ආර්. උඩවත්ත, බ්‍රිගේඩියර් එම්.ඊ.ඉසෙඩ්.ආර්.සලේ යන අය යුධ අධිකරණය හමුවේ දෙන ලද සාක්ෂි මහාධිකරණය හමුවේ කියවනු ලැබිණි.

ඔහු විත්තිය වෙනුවෙන් එලෙස සාක්ෂි ඉදිරිපත් කළේ යුධ අධිකරණයේත්, මහාධිකරණයේත් විභාග වන්නේ එකම සිද්ධියක් පිළිබදව බව පෙන්වාදීමටය.

මෙරට නීතිය අනුව එකම සිද්ධියක් සම්බන්ධයෙන් එක් පුද්ගලයකුට නඩු දෙකක් පැවරිය නොහැකි බවට විත්තිය වෙනුවෙන් මීට කලින් මුලික විරෝධයක් මතු කර තිබුණි.

එහිදී අධිකරණය පැවසුවේ යුධ අධිකරණයේ සහ මහාධිකරණයේ නඩු දෙකම එක සමාන නම් ඒ බව සනාථ කරන ලෙසය.

ඒ අනුව හෙට දිනයේ යුධ අධිකරණයේ සාක්ෂි ඉදිරිපත් කිරීමට නියමිතය.

එහිදී මාධ්‍යට අදහස් දක්වමින් සරත් ෆොන්සේකා මෙසේ පැවසීය.

"මාතරට අධිවේගී මාර්ගයක් දානව කියලා සල්ලි හොරකම් කරලා ලෝකේ තියෙන කොටම ලෝකෙ තියෙන පටුම අධිවේගී මාර්ගය හැදුවා. ඒක විඕමයේ ආශ්චර්යයේ දොරයුට නෙමෙයි දූෂණයේ දොරටුව දැන් කියනවා උතුරට අධිවේගී මාර්ගයක් දානවලු. ඒක දාන්න අවුරුදු 50ක් යයි. ජයවේවා. කිලෝමීටර් 40ක් දාන්න අවුරුදු 10ක් ගියා. උතුරට දාන්න වෙන්නේ මුණුපුරා ඉපදිච්ච දවසට තමයි. ජයවේවා"

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us