පැපරාසි නිවුස් ලංකා - පසුගිය කාලයේ පුවත් මවන්නියක් බවට පත්ව සිටි ප්‍රවීණ නිළි ඇන්ජලා සෙනෙවිරත්නට එල්ල වූ චෝදනාවලින් ඇය නිදහස් වුවත් වසර 11ක් තිස්සේ කරගෙන පැමිණි රැකියාවනම් නැවත ඇයට ලැබුණේ නැත.
මෙම සිද්ධියෙන් පසු ටික කලකට රටින් ඈත් වී සිටීමට ගත් තීරණය වෙනස් කරමින් ඇය මේ වන විට නැවතත් රංඟනයට සිත යොමු වී ඇති බව දැන ගන්නට ලැඛෙනවා.
නාලක විතානගේ අධ්‍යක්ෂකවරයාගේ රූපාන්තර චිත්‍රපටයේ ඇන්ජලාට
රඟපෑමට අවස්ථාව උදා වී තිබේ. එහි ප්‍රවීණ නළු රවීන්ද්‍ර රන්දෙණියගේ බිරිඳගේ චරිතය සඳහා ඇයව තෝරාගෙන තිබේ. මෙහි රූගත කිරීම් ලබන සැප්තැම්බර් මාසයේදී ආරම්භ කිරීමට නියමිතව තිබේ.

නැවත රංඟනයට පිවිසීම ගැන ඇන්ජලා සෙනෙවිරත්න පවසන්නේ මෙවන් කතාවකි.
මම වරින් වර රංගනයට ඇවිත් කාලෙන් කාලෙට එයින් ඉවත වී සිටි කෙනෙක්. දරුවන් වෙනුවෙන් කාලයක් රඟපෑමෙන් ඉවත් වෙලා හිටියා. මගේ රැකියාව හින්දා තවත් කාලයක් රඟපෑමෙන් ඉවත් වෙලා හිටියා. ඒ විදියට ඉවත් වෙලා අවුරුදු 11ක්ම ගතවුණා. නැවත වතාවක් රූපාන්තර තුළින් තමයි ආයෙම රඟපෑමට එන්නේ.
ඉතින් මම යළි රඟපෑමට එකතු වූ බව ගොඩාක් අය දන්නේ නැහැ. මම යළි රඟපෑමට පැමිණි බව දැනගත්තම ආරාධනා ලැබේවි. ඒ අතර සුදුසු චරිත තිබුණොත් යළි භාරගන්නවා.