Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

බටහිර ඉන්දීය කොදෙව් පිළ සමඟ ඊයේ පැවැති විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් තරඟයේ අනුශුරතාවය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වුණා.

තරඟය අවසානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් මහේල ජයවර්ධන පැවසුවේ තමන් නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර තිඛෙන බවයි.

තරුණ නායකයෙකුට අවස්ථාව ලබා දීම සඳහා මෙසේ විස්සයි විස්ස කණ්ඩායම් නායකත්වයෙන් ඉවත් වන බව
ඔහු වැඩිදුරත් පවසනවා.

මෙම තරගාවලිය ආරම්භ වීමට පෙරම මා තේරීම් කමිටු නිලධාරීන් සමග සාකච්ඡා කළා. විස්සයි 20 කි‍්‍රකට් කී‍්‍රඩාවේදී අප ඉදිරියට යන්න  ඕනෑ නම් තරුණ නායකයෙක් මෙතැන් සිට වගකීම බාර ගත යුතුයි
මගේ යෝජනාවට තේරීම් කමිටු නිලධාරීන් එකග වුණත්, අවසන් මහ තරගයට පෙර ඒ ගැන නිල වශයෙන් ප‍්‍රකාශයක් කිරීමට මා උත්සුක වූයේ නෑ” .

කෙසේ වෙතත් වසරක කාලයක් සඳහා බාර ගත් එක්දින හා ටෙස්ට් තරඟ නායකත්වයෙන් ඉවත් නොවන බවත් ඔහු වැඩි දුරත් පවසා ඇත.

මේ අතර ඊයේ පැවැති තරඟය පිළිබඳවද මහේල අදහස් දක්වා තිබුණා.

    අපි කිසිම තරඟකාරී රිද්මයකින් ක්‍රිඩා කළේ නහැ.අපි හිතුවා ඒ ළකුණු සංඛ්‍යාව හඹා යන්න හැකියාව තියෙනවා කියලා.කොදෙව් ක්‍රීඩකයන් හොඳින් සෙල්ලම් කළා.අපිට හොඳ තරගයක් ක්‍රීඩා කරන්න හැකි වුණේ නැහැ.තරඟාවලිය පුරා අපේ පිතිකරුවන් හොඳින් දක්ෂතා ප්‍රදර්ශනය කළා.

ඒත් මේ තරඟයේ දී අපි අසාර්ථකයි.පිතිකරුවන්ට සාර්ථක වෙන්න බැරි වුණා.අපිට හොඳ දිනයක් වුණේ නැහැ.මේ මොහොත ජීවිතේ කිසිම දිනක අමතක කරන්න වෙන්නේ නැහැ.කරන්නත් බැහැ.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us