Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිමෙන්ති මිටියක මිලත් කුකුළු මස් කිලෝ ග්‍රෑමයක මලත් ඉහළ දමා ඇතැයි පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.

එම මිල ඉහළ දැමීම් වලට අනුව සිමෙන්ති මිටියක මිල රුපියල් 68ත් 85ත් අතර මුදලකින් හා කුකුළු මස් කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 30 කින් වැඩි වේ.

ඒ අනුව කුකුල් මස් කිලෝග්‍රෑම් 1ක නව පාලන මිල රුපියල් 380 ක් වනු ඇත.

පාරිභෝගික අධිකාරිය අවසන් වරට සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 70කින් ඉහල දැමුවේ පසුගිය මැයි මාසයේදීය. ඒ අනුව කිලෝ 50ක සිමෙන්ති කොට්ටයක මිල වූයේ රු. 855/-කි.

නමුත් පසුගිය සැප්තැම්බර් 03 වනදා සිට බොහෝ ප්‍රදේශවල සිමෙන්ති කොට්ටයක් රුපියල් 80කින් ඉහල දමා 935/- කට අලෙවි කර තිබූ අතර ඒවායේ මිල සඳහන්වූයේද රු. 935/- ලෙසයි.

මේ අනුව රුපියල් 80කින් පසුගිය මාසයේ ඉහල ගිය සිමෙන්ති කොට්ටයක මිල තවත් රු. 85කින් ඉහල දැමීමට පාරිභෝගික අධිකාරිය අද කටයුතු කර තිබෙනවා.

ඒ අනුව නව මිල අනුව සිමෙන්ති කොට්ටයක මිල රු. 1,020 වනු ඇත. මීට පෙර මිල වැඩි නොවූ ප්‍රදේශ වල සිමෙන්ති කොට්ටයක නව මිල වන්නේ රු. 920කි. පැටවීමේ හා බෑමේ කුලියද මෙම මුදලට එකතුවූ විට තවත් මිල වැඩිවේ.

කුකුල් මස් කිලෝ එකක මිලද රු. 30කින් වැඩි වී ඇති අතර නව මිල රුපියල් 380 කි.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us