Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

සුළු සුළි කුණාටුව ගැන අවදියෙන් ඉන්නැයි උතුරු නැගෙනහිර වෙරළතීරයේ වැසියන්ට දන්වයි

අද රෑ සුළි කුණාටුව මොනවා කරාවිද?

අද රෑ ලංකාවට ඇතුළුවනවා යයි කියන සුළි කුණාටුව පිළිබඳ මේ වන විට විවිධ මාධ්‍ය ඔස්සේ විවිධ පැහැදිලි කිරීම් සිදුවන අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ එය භායානක තත්වයේ නොපවතින බවයි.

බෙංගාල බොක්කේ පවතින ගැඹුරු පීඩන අවපාතය සුළු සුළි කුණාටුවක් බවට පත්ව එය හෙට (30) අලුයම 2.00ට පමණ මුලතිව් දිස්ත්‍රීක්කයට ඇතුළු වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ හේතුවෙන් යාපනය, ති‍්‍රකුණාමලය, මඩකළපුව හා මුලතිව් වෙරළාශ්‍රිතව සිටින ජනතාවට ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දෙයි.

ඒ අනුව අදාළ ප්‍රදේශවල වෙරළතීරයට යාමෙන් වළකින ලෙසද එම මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මේ අතර ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් අද දෙරණ කළ විමසීමකදි ඔහු කියා සිටියේ වෙරළ තීරයේ සිට ගොඩබිම දෙසට වන්නට වෙසෙන ජනතාවට සුළු සුළි කුණාටුව තත්ත්වය පිළිබඳ අවධානයේ සිටින ලෙස ඉල්ලීම් කර ඇති බවයි.

එස්.ආර්.ජයසේකර මහතා අදහස් දැක්වූ දෙරණ වීඩියෝව පහතින්


Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us