Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

කෞතුකාගාර කොල්ලය සම්බන්ධයෙන් පොලිස්‌ අත්අඩංගුවට පත්ව ඇති "කන්ගැට්‌ටා" නමැති "වන් මෑන් ෂෝ" ගැන ප්‍රලාප නොකියා මේ මහා ජාතික අපරාධයට සම්බන්ධ පෙනෙන නොපෙනෙන බලවේග පිළිබඳව පුළුල් විශ්වාසනීය පරීක්‌ෂණයක්‌ කිරීමේ ජාතික වගකීම පොලිසිය සතු බව ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසනවා.

"කෞතුකාගාර කොල්ලයට සම්බන්ධව කන්ගැට්‌ටා නමැත්තා සැකකරුවෙක්‌ ලෙස පොලිස්‌ අත්අඩංගුවට පත්වීම පිළිබඳ අප සංතෝෂ වෙනවා. නමුත් වැදගත් වන්නේ නිවැරදි පරීක්ෂණ මගින් සාධක සහිතව මේ අපරාධකරුවා පිළිබඳ තහවුරු කිරීමයි.
මේ අපරාධය සිදුවූ මොහොතේ සිට දිගින් දිගටම අප දුටුවේ පොලිසියෙ මන්දොඅත්සාහි බවයි. අප කම්පාවට පත්වුණේ මවිතයට පත්වුණේ මෙබඳු මහා ජාතික ව්‍යසනයකදී පොලිසිය හැසිරුණ ස්‌වරූපය නිසයි. තවමත් ඒ හැසිරීම ප්‍රශ්න කාරීයි.

පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුගේ "වන් මෑන් ෂෝ" අපරාධය ගැන පොලිසිය මේ කියන කතාව පොඩි දරුවෙක්‌වත් විශ්වාස කරන්නෙ නෑ. හොරකම වන දවසෙ ආරක්‌ෂක කැමරා ක්‍රියා විරහිතවීම තිබූ බව කෞතුකාගාර අධ්‍යක්‌ෂවරියවත් දැනගෙන හිටියෙ නෑ.

සැකකරු මේ කැමරා අක්‍රිය කළාද? ඔහු වෙනුවෙන් කවුරුන් හෝ ඒ කැමරා ක්‍රියා විරහිත කළාද? මුරකරුවන් අතරින් ඔහු බේරි ගියාද? මුරකරුවන් ඔහුට යන්න දුන්නද? "ඇත්තටම මෙය වන් මෑන් ෂෝ එකක්‌ද" කියන ප්‍රශ්න තවමත් රට හමුවේ තියනවා. ඔහු කියපු විදිහට කෞතුකාගාර හොරකම උනානම් ඒක මේ රටේ ආරක්‌ෂක සේවාවට වූ බරපතළ නින්දාවක්‌.......

අපට අපරාධයක්‌ වුණාම අප යන්නෙ පොලිසියට. රටට අපරාධයක්‌ වුණාම යන්නෙත් පොලිසියට. පුරවැසියො විදිහට අපට පිහිට ඉල්ලන්න තියන තැනේ විශ්වාසය පළුදු වෙනවා නම් එබඳු රටකට යන කළ ඉතාම ඛේදනීයයි.

රට එහෙම තැනකට පත් නොකර මේ අපරාධයට සම්බන්ධ යෑයි පෙනෙන මුරකරුවන්, කෞතුකාගාර සේවකයින් තවත් පෙනෙන නොපෙනෙන බලවේගයන් ගැන අලගිය මුලගිය තැන් නිවැරදිව හොයලා රටේ උරුමය වැනසූ මේ ජාතික අපරාධයේ ඇත්ත මේ රටට හෙළි කරන්න කියන ඉල්ලීම නැවත අප පොලිසියෙන් ඉල්ලා සිටිනවා."

-සම්බන්ධිත පුවත්-
කටුගෙයි හොරකමේ ප්‍රධානයා අල්ලයි..

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us