වැලිකඩ ගැටුමෙන් මියගිය සංඛ්‍යාව 27 තෙක් නගී...
11දෙනෙකුගේ මළ සිරුරු තවමත් බන්ධනාගාරය තුළ පවතී..
මිය ගිය රැඳවූවන් කිහිපදෙනෙක් මේ වන විට හඳුනාගෙන..
මියගිය සිරකරුවන් අතර
කෝට්ටේ ද්විත්ව භික්ෂු ඝාතන කළ
මංජු ශ්‍රී නිලමේවරයාත් සිටිනවාලූ
මර්ඩර් එකට මාට්ටුවූ
අනුෂා සොනාලිගේ
පෙර සැමියකුත් මියගිහින්
වැලිකඩ ගැටුම මෙහෙයවලා ඇත්තේ අනූශා සොනාලිගේ පෙර සැමියා මාලන් ඇතුලු සහ තවත් 4 දෙනෙක්...
(මාලන් යනු අනූශා සොනාලිගේ කලින් සැමියාය)
වැලිකඩ බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි මාලන්,මහරගම කලු තුශාර තොටලග පොන්න කපිල ඇතුළු මත්කුඩු ජාවාරම්කරුවන් විසින් ප්‍රහාරය මෙහෙයවා ඇතැයි මූලික විමර්ශණ මගින් අනාවරණය වී තිබේ.
“මාලන්”නැමැත්තා කලකට පෙර ජනප්‍රිය සිනමා නිළියක වූ අනූශා සොනාලිගේ කලින් සැමියා බවට පොලිසිය පවසයි.
සේනාධිනායකට වෙඩි තබා තිබෙන්නේ මාලන්
ඊයේ රාත්‍රී (10)මාලන් තවත් පුල්ගලයින් කීප දෙනෙක් සමග පැහැරගත් ටී56 ගිනි අවි අතැතිව බන්ධනාගාරයෙන් එළියට බැස අසල වූ ත්‍රීවිලරයකට නැගී සතර අතට වෙඩි තබමින් පලා යන්නට උත්සාහ කොට ඇත.
විශේෂ කාර්ය බලකායේ සේනාධිනායක රණවන මහතාට,හා සෙසු හමුදා,පොලිස් මෙන්ම සිවිල් වැසියන්ට තුවාල සිදුව තිබෙන්නේ මාලන් ඇතුලු පිරිස එල්ල කළ ප්‍රහාර මගින් බව වාර්තා වේ.
ඒ මොහොතේ ආරක්ෂක අංශ මගින් එල්ල කළ ප්‍රති ප්‍රහාරයෙන් මාලන් ඇතුලු 7දෙනෙක් ත්‍රීවීල් රථයේම මරණයට පත්ව තිබේ.
අවි රැසක් අතුරුදන් හිරගෙදර දැවැන්ත අලාභයක්
බන්ධනාගාරයේ ආයුධ ගබඩාවෙන් රැඳවියන් ටී 56 අවි 50ක් පමණ පැහැරගෙන තිබෙන අතර ඉන් ඉතා සුලු ප්‍රමාණයක් හැරුනුකොට අනෙක් සියල්ල තවමත් සොයාගෙන නැති බව කොඩිප්පිලි මහතා සඳහන් කරයි..සිද්ධියෙන් වැලිකඩ බන්ධනාගාරයට විශාල හානියක් සිදුව ඇති බවත් මෙතෙක් එම හානිය ගණනය කර නොමැති බවත් පවසයි..
මියගිය බොහොමයක් මත්කුඩු ජාවාරම් කරුවන්
කළු තුෂාර, පොන්න කපිල, කොණ්ඩ අමිල, මාලන්
ඊයේ දිනයේ සිදුවූ වැලිකඩ බන්ධනාගාර රැඳවියන් සහ ආරක්‍ෂක අංශ අතර ගැටුමෙන් මිය ගිය රැදවියන් අතර බන්ධනාගාරයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවූ ප‍්‍රභල පාතාල සාමාජිකයින් සිටින බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග පවසයි.
මෙම සිද්ධියෙන් තුවාල ලද සම්පූර්ණ ගණන 59 දෙනෙකු වන අතර ඒ අතර යුද හමුදා 4 එස් ටී එෆ් 10 ක් හා බන්ධනාගාර නිලධාරියෙකු සිටියා.සිද්ධියෙන් තුවාල ලත් නියෝජ්‍ය පොලිස්පති ආර්.ඩබ්ලිව්.එම්.සී. රණවන මහතාගේ උදරයේ සැත්කමකින් අනතුරුව ඔහු දැන් සුවය ලබමින් සිටිනවා.
![]() |
මංජු ශ්‍රී |
මේ ආකාරයට මියගිය මංජු ශ්‍රී නමැත්තා පසුගියදා කෝට්ටේ රජමහා විහාරයේ භික්ෂූන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ බස්නායක නිලමේ වරයෙකු යයි කියාගත් පුද්ගලයාය.
එසේම මියගිය අය අතර සුප්‍රකට නිළි අනුෂා සොනාලිගේ නීත්‍යානුකූල නොවූ පෙර ස්වාමි පුරුෂයකුව සිටි බව කියන මිනීමැරුම් නඩුවකට හසුවූ මලින්ද නිලේන්ද්‍රද සිටින බව දැනගන්නට ලැඛෙනවා.