Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

හැමෝටම තියෙන ප්‍රශ්න මටත් තියෙනවා..

මමත් වැරදි කෙනෙකුට ආදරය කළා..


ආදරණීය පූර්ණිමාහි සලා සලා නෝනා මතකද? නැතිනම් වාසනා වේවාහි ලෝචනා .මේ දිනවල ඇය සිහින තාරකාහි මාධවී ලෙසද, අරුන්දතී හි චින්තා ලෙසින්ද ඔබ හමුවට එනවා. ඇය කුමුදු ප්‍රියංගිකා. කලකට පසු කුමුදු අපිත් එක්ක මෙලෙස හඬ අවදි කළා.
කුමුදු කොහොමද ඉතිං ?
මේ දවස්‌වල නිදහසේ මගේ වැඩකටයුතු කරගෙන ඉන්නවා.

පසුගිය කාලේ මොනවද කළේ ?
බොහොම මෑතකදී අරුන්දතී ටෙලිනාට්‍යයේ රූගත කිරීම් අවසන් වුණා. ඊට පසුව ඉසුරු අයියාගේ කෙටි නාට්‍යයකට සම්බන්ධ වුණා.

හැමදාම පවුල් ප්‍රශ්නවලට මුහුණ දෙන චරිතද රඟපාන්න සූදානම ?
එහෙම විශේෂයක්‌ නැහැ. මට චරිතයක්‌ ලැබුණහම මුලින්ම බලන්නේ ඒ චරිතය කළුද සුදුද කියලා නෙමෙයි. ඒ චරිතය තුළ මට මොනතරම් දුරට හැකියාවන් ඉදිරියට ගෙනඑන්න පුළුවන්ද කියලා විතරයි. මට ලැබෙන චරිතවල රංගන පරාසය තමයි වැදගත්. ඒක කළු චරිතයක්‌ වුණත් කමක්‌ නැහැ.

කුමුදුගේ සැබෑ ජීවිතයටත් හරි ප්‍රශ්න කියන්නේ ?
ප්‍රශ්න ඉතිං හැමෝටම තියෙනවානේ. හැමෝටම තියෙන ප්‍රශ්න මටත් තියෙනවා.

කුමුදු ප්‍රශ්නවලට මුහුණදීලම නැතිද?
මම ජීවිතයට එන ප්‍රශ්නවලට ඉතාමත් සාර්ථකව වගේම දැඩි ආත්ම විශ්වාසයෙන් ප්‍රශ්නවලට මුහුණ දෙන කෙනෙක්‌. ඒ වගේම ඕනෑම ප්‍රශ්නක්‌ ජයගන්න පුළුවන් ආත්ම විශ්වාසයක්‌ තියෙන කෙනෙක්‌.

කුමුදු ප්‍රශ්නවලින් පලා යන්නේ නැහැ ?
මම කවදාවත් ප්‍රශ්නවලින් පලා යන්නේ නැහැ.

දිගටම රඟපාන්නද සූදානම?
මට රඟපාන්න පුළුවන්තාක්‌ කල් මම රඟපානවා. මම කලාවට ගොඩක්‌ ආදරෙයි.

වෙළෙඳ දැන්වීමක්‌ ජීවිතය මේ තරම් දුරක්‌ අරගෙන එයි කියලා හිතුවද?
කවදාවත්ම නැහැ. මම හිතුවේ නැහැ මට නිළියක්‌ වෙන්න පුළුවන් වෙයි කියලා. මම පුංචි කාලේ ඉඳන්ම කලාවට ආදරය කරපු කෙනෙක්‌. ඒ වගේම කලාව මගේ ඇඟේ තිබුණ දෙයක්‌. අන්තිමේ කොහොම හරි මගේ සිහිනය සැබෑ කරගත්තා.

දැන් ජනප්‍රියයි කියලද හිතන්නේ ?
යම්තාක්‌ දුරට ජනප්‍රියයි කියලා හිතනවා.

ජනප්‍රිය වෙන්න තරුණියෝ ඕනෑම දෙයක්‌ කරනවා. ඔබත් එහෙමද?
මම එහෙම නැහැ. මම කිසිම දෙයක්‌ පස්‌සේ ඕනෑවට වඩා අද වෙනතුරු ලුහුබැඳලා නැහැ. නමුත් මොකක්‌ හෝ පෙර පිනකට හෝ වාසනාවකට මා ගාවට ඒ දේවල් ඇවිත් තිබෙනවා.

පිං කරපු නිසා මේ දේවල් ලැබෙනවා කියලද කියන්නේ ?
මම හිතන්නේ කලාවට සම්බන්ධ වෙන්න පෙර ආත්මයේ පිනක්‌ කරලා තියෙන්න ඇති.

මේ ගත්තු තීරණය හරි කියලා හිතනවාද?
අනිවාර්යයෙන්ම. ජීවිතයේ හැම තිස්‌සේම වගේ හිතට එකඟව වැඩකරන කෙනෙක්‌. මම ගොඩක්‌ කැමැති මම ආසා කරන දේවල් කරන්න.

ජීවිතයේ කවදාවත් වැරදි තීරණ අරගෙන නැතිද?
ජීවිතයේ එකම එක වැරදි තීරණයක්‌ අරගෙන තියෙනවා. ඒ ගැන තවමත් පසුතැවෙනවා.

මොකක්‌ද ඒ ගත්තු වැරදි තීරණය?
ආදරය ඉදිරියේ මම හරිම සංවේදී කෙනෙක්‌. ඒ හින්දා පුංචි පුංචි දේවල්වලටත් මගේ හිත රිදෙනවා. මම හිතනවා ඒ වගේ වැරදි තීරණ කවදාවත් ඉදිරියේදී අරගන්නේ නැහැ.

ආදරයේදී වැරදි තීරණයක්‌ අරගෙන වගෙයි ?
මගේ ජීවිතයේ මම වැරදි කෙනෙකුට ආදරය කරලා තියෙනවා. ඒ වැරැද්ද නිවැරදි කරගන්න උත්සාහ කරනවා.

අලුත් මුහුණුවලට කැපිලි කෙටිලි නැතුවමත් නෙමෙයිනේ ?
මට නම් එහෙම කැපිලි කෙටිලි නැහැ. ප්‍රවීණයන් මට ගොඩක්‌ උදව් කරනවා. අපේ පරපුරෙන් නම් එහෙම වෙලා තියෙනවා. මම ඒ දේවල්වලට සැලෙන්නේ නැහැ. ඔවුන්ට මම අනුකම්පා කරනවා.

කැපිටි කෙටිලිවලට බය නැතිද?
මම කැපිලි කෙටිලිවලට බය නැහැ. ජීවිතයේ අභියෝගවලට බය කෙනෙක්‌ නෙමෙයි.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us