Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

2013 අය වැයෙන් පොඩි වාහන වල වැඩි වූ මිල තවත් වැඩි වෙයි. 

උදේ හවස සාප කිරීම විනා ජනතාවට විකල්පයක් කොයින්දා...

පසුගියදා ඉදිරිපත් කල අය වැයෙන් ගෙනා යෝජනා නිසා රේසින් කාර් වල බදු අඩු වුවද සාමාන්‍ය ජනතාව පාවිච්චි කරන කුඩා වාහන වල කලින් වැඩිවූ මිල තවත් වැඩිවී තිබෙනවා.

මේ නිසා අලුතින් මෝටර් රථ ලියාපදිංචි කිරීම් 66% කින් අඩුවී තිබෙන අතර ගෙන්වූ වාහන 5,000ක් ආපසු පැටවීමට සූදානම් කර තිබෙනවා.
එමෙන්ම වාහන හිමියන් ලංකාවේ ව්‍යාපාර කිරීම නවතා මියන්මාරයේ වාහන සේල් දමා විකිණීම ආරම්බ කොට තිබෙනවා. එබැවින් වාහනයක් ගැනීමට සිහින මවමින් අය වැයෙන් බදු අඩුවේ යැයි සිතා සිටි බොහෝ දෙනාගේ එම සිහින බොඳව ගොස් තිබෙනවා.

රේගු අධ්‍යක්ෂවරයා පවසන ආකාරයට

වෑන් රථ වල නිෂ්පාදන බද්ද අයවැයෙන් වැඩි වෙන්නේ 41% සිට 80 % දක්වාය.

එන්ජින් ධාරිතාව 1000 ට අඩු වාහන වල නිෂ්පාදන බද්ද 85% හෝ රු. 750,000 යන දෙකෙන් වැඩි අගයක් වී තිබෙනවා. ඒ අනුව කලින් පැවති මිලට වඩා රුපියල් 250,000කින් පමණ එම වාහනයක් නැවත මිල වැඩිවීමක් සිදුවේ.

ටොන් 5 ට වැඩි ලොරි වල නිෂ්පාදන බද්ද 15%කින් වැඩිවේ.

දැනට වෙළඳපොලේ ඇති වාහන සඳහා මෙම බද්ද අදාල නොවන අතර අය වැය ඉදිරිපත් කල පසුගිය 8 වෙනිදාගෙන් පසුව ගෙන්වන වාහන සඳහා මෙලෙස මිල වැඩිවේ.

එබැවින් දැනට කාර් සේල් වල ගොඩ ගැසී පවතින වාහන මේ නිසා විකුණා ගත හැකි බවයි රජය පවසන්නේ. නමුත් ඒවා විකුණුනායින් පසුව වාහන වෙළඳසැල් වසා දමනවා හැරෙන්නට ඔවුනට විකල්පයක් නොමැති බව බලධාරීන් තේරුම් නොගැනීම කනගාටුදායකය.

එමෙන්ම අලුතෙන් ගෙන්වන වාහන වල මිල වැඩිවීම ප්‍රයෝජනයට ගන්නා බොහෝ දෙනෙකු තමන්ගේ දැනට තිබෙන වාහන වැඩි මිලට විකිණීම නිසා පවතින වාහන වලද මිල වැඩිවීමද සිදුවේ.

රේසිං කාර් මිල අඩුකලේ දැක්මක් ඇතිවලු -සී.බී කියයි...

රේසිං කාර් මිල අඩුකරනු ලැබුවේ ඉදිරි අනාගතය ගැන හොඳ දැක්මක් ඇතිව බවත්, විපක්ෂය චෝදනා කරනු ලබන්නේ කිසිදු අවබෝධයක් නොමැති බවත් පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී රත්නායක මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේදී ඊයේ අදහස් දක්වමින් එබව සදහන් කල ඇමතිවරයා, ඩිලන්ත මාලගමුව ක්‍රීඩකයා තමන්ගේ අතින් මුදල් වියදම් කරගනිමින් ශ්‍රී ලංකා ධජය ජාත්‍යන්තරය තුළ ප්‍රසිද්ධියට පත්කිරීමට කටයුතු කර ඇති බවත් රජයට අවශ්‍යව ඇත්තේ තවත් එවැනි ක්‍රීඩකයින් ඉදිරියට ගෙනඒම බවත්, එවැනි  සුභවාදී දැක්මක් ඇතිව රජය විසින් රේසිං මෝටර් රථවල මිල අඩුකල බවත් පැවසුවා.

මහජන මුදලින් නඩත්තු වන පාලකයන් කෝටි ගනන් වටිනා වාහන තීරු බදු රහිතව ගෙන්වා සුරසැප විඳිමින් ජනතාවට වාහනයක් ගැනීමට ඇති අයිතිය අහුරා දැමීම නිසා ඔවුනට උදේ හවස සාප කිරීම විනා ජනතාවට විකල්පයක් නැතිවී තිබෙනවා.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us