Update 11/18/2012 12:50 PM
මැණික් පුරේ පොලිස් ප්‍රධානියා මැරූ සැකකරු ගිනි අවිය සමග අල්ලයි
රත්නපුර පොලිස් සේවාස්ථ පුහුණු මධ්‍යස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්ද්‍රසෝම රත්නායක මහතා අද (18) පෙරවරුවේ වෙඩි තබා ඝාතනය කළ බවට සැක කෙරෙන පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
ඝාතනය සඳහා යොදා ගත් ගිනි අවියද සමග එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු එම ගම්මානයේම පදිංචිකරුවෙකු බව අනාවරණය වී ඇතැයි සඳහන්ය.
අද (18) පෙරවරු 8.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබේ.
රත්නපුර ඇලපාත ප්‍රදේශයේ ඇති ඔහුට අයත් ඉඩමකට යමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර ඉඩම් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇතැයි පොලීසිය සැකකරයි.
ඝාතනයට ලක්වු 57 හැවිරිදි ඉන්ද්‍රසෝම රත්නායක මහතාගේ සිරුර මේවන විට රත්නපුර රෝහලට ගෙනැවිත් ඇතැයි ද පොලීසිය පවසයි.
වෙඩි තබා ඝාතනය කළ නිලධාරීයා කහවත්ත ප්‍රදේශයේ සිදුවු මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් පරීක්ෂණ නොකරන අයෙකු බව ද පොලීසිය කියයි.
Update 11/18/2012 08:50 PM
රත්නපුර පොලිස් සේවාස්ථ පුහුණු ආයතනයේ ස්ථානාධිපතිවරයා ඝාතනය කෙරේ...
රත්නපුර පොලිස් සේවාස්ථ පුහුණු ආයතනයේ ස්ථානාධිපති ආර්.එම්. ඉන්ද්‍රසෝම රත්නායක මහතා වෙඩි තබා ඝාතනය කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සදහන් කළේ අද පෙරවරු 8.30 ට පමණ අමුවල , ගුරු පස්කඩ හන්දිය ප්‍රදේශයේ පිහිටි ඉන්ද්‍රසෝම රත්නායක මහතාට අයත් ඉඩමකදී එම වෙඩි තැබීම සිදුව ඇති බව ය.
වෙඩි තැබීමෙන් තුවාල ලැබු ඔහු රත්නපුර රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව මිය ගොස් තිබේ.
පොලිසිය සදහන් කළේ බලපත්‍ර සහිතව ළග තබා ගත් ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.
ඉඩම් ආරවුලක් මත මෙම ඝාතනයට සිදුකරන්නට ඇතැයි සැක කරන බවද රත්නපුර ප්‍රදේශය භාර උසස් පොලිස් නිළධාරියෙකු පැවසීය.