අබ්බස් මුස්තාන් අධ්‍යක්ෂවරයාගේ නවතම සිනමා පටයේ රූගතකිරීම් අවසාන වූ දිනයේදී එම කණ්ඩායමේ සියළු දෙනාටම එහි ප‍්‍රධාන නිළි ජැකලින් ෆර්නැන්ඩස් ගෙන් රසම රස පුදුමයක් ලැබුණු බව වාර්තා වේ.
ජැකලීන් මෙහි රූගතකිරීම් අවසන් වූ දිනයේදී එම චිත‍්‍රපට කණ්ඩායමේ නිෂ්පාදක කණ්ඩායමට කේක් හා රසකැවිලි ඇතුළු තෑගි ලබා දී මේ රස පුදුමය ඇතිකර තිබේ.
මෙම චිත‍්‍රපටිය රූගතකිරීම අතරතුර ඉතා සතුටින් කාලය ගත කර ඇති ජැකලින්, රූගතකිරීම් අවසානයේදී කණගාටුවට පත්ව ඇති අතර, කණ්ඩායමේ සාමජිකයන්ට සිය කෘතඥතාව පලකිරීම සඳහා ඇය මේ අයුරින් ඔවුන් සියලූ දෙනටම තැගි පිරිනමා තිබෙන බව ඉන්දීය මාධ්‍යවල දැක්වේ.
අවසාන රූගතකිරීමට පෙ රමට වෙනත් රූගතකිරීමකට ලංකාවට යන්න වුනා. ආයිත් එනකොට කේක්, රසකැවිලි හා තේ ගෙනාවා. බහුතරය දකුණු ඉන්දියානුවන් වූ කැමර කණ්ඩායමට චට්නි වර්ග ලබාදුන්නා යැයි මේ පිළිබඳව ජැකලින් පවසා තිබේ.
මීට අමතරව, ඇය සන්නාම තානාපති ලෙස කටයුතු කරන ලංකාවේ අලෙවි වන නූඞ්ල්ස් වර්ගයක් ද මෙලෙස ඉන්දියාවට ගෙන ගොස් ඇතැයි ද ඉන්දීය මාධ්‍යවල වැඩිදුරටත් දැක්වේ.
ජැකලින්ගේ ජායාරූප එකතුවක් මෙතනින් බලන්න