Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

අනේ මාර බඩගින්නක් අනේ තියෙන්නේ...
කොහොමද මේ වෙලාවට රෝල් එකක් එහෙම කන්න තිබ්බනම්...
කොහොමද මේ වෙලාවට කේක් කෑල්ලක් එක්ක ප්ලේන්ටියක් තිබ්බනම්...

මුතු වරුසා ටෙලි නාට්‍යයේ රඟපාන මහේෂි මධුෂංකා කියන්නේ මේ දවස්වල හැමෝම කතාබහ කරන ප්‍රසිද්ධ චරිතයක්නේ.

ඕමානයේ ඉඳලා ආපු මේ කිරිල්ලිට තාම අවුරුදු 19 යි. පුංචි තිරයේ දී මහේෂි කියන්නේ හරි අහිංසක, සුන්දර, හුරුබුහුටි කෙළි පොඩ්ඩක් වුණාට ඇත්තටම එහෙමද කියලා අපිට පොඩි සැකයක් ආවා.
ඉතින් අද අපිට හිතුණා එයා ගැන පොඩ්ඩක් වටින් පිටින් ආරංචි වෙන තොරතුරු හොයලා බලන්න කියලා.

මහේෂි හරි ලස්සනයි, අහිංසකයි, දක්ෂයි, ෂෝක් වගේ කතා කොච්චරවත් ඇහිලා තිබුණට මහේෂි හරි බඩජාරියි කියලා ඇහිච්ච වෙලාවක් තියෙනවාද? අපිට දැන ගන්න ලැබුණ විදිහට නම්
මහේෂි හරිම බඩජාරියෙක්. විනාඩි 5 න් 5 ට කියවන්නේ “අනේ මාර බඩගින්නක් අනේ තියෙන්නේ. කොහොමද මේ වෙලාවට රෝල් එකක් එහෙම කන්න තිබ්බනම්” කියලාලු.

එක ‍ෂොට් එකක් ඉවරවුණාම අයිස් ක්‍රීම්, යෝගට් වගේ දේවල් කන්න දෙනවානේ. ඒවා හොඳට තලු මර මර කන මහේෂි විනාඩි 10 ක් යන්න ඉස්සෙල්ලා කියන්නේ “කොහොමද මේ වෙලාවට කේක් කෑල්ලක් එක්ක ප්ලේන්ටියක් තිබ්බනම්” කියලයි. ඒ හින්දම මහේෂිට “බඩජාරියා” කියලා පෙට් නේම් එකකුත් දාලයි කියලයි දැනගන්න ලැබුණේ.

මහේෂිගේ පෙරේතකම කොච්චරද කියනවානම් මහේෂි‍ට ෂුටින් නැති දවස්වල වුණත් මහේෂිගේ ගෙදර අය එයාව ස්ටූඩියෝ එකට ගෙනත් දානවලු කන්න දීලා පිරිමහන්න බෑ කියලා. මහේෂිගේ ගෙදර අය කියලා කිව්වට මොකද ඒ කෙනා තාමනම් ගෙදර කෙනෙක් වෙලා නෑ. හැබැයි වෙන්න ඉන්න කෙනෙක් කියලායි අපිටනම් ආරංචි වුණේ.

ඒ ඔයාලා අපි හැමෝම හොඳට දන්න කියන ගායකයෙක්. නම කියන්න එපා කියලා ඉල්ලීමක් කරාම ඉතින් නම කියන්න හොඳ නෑනේ. ඒ නිසා නොකියා ඉන්නම්. හැබැයි ඉතින් මං තාම ආදරයක් හොයනවා කියලා මහේෂි පත්තරවලට කියපු කතාවනම් පට්ට පල් බොරු. මොකද මේ වෙද්දිත් එයා හොයපු ආදරේ එයාට ලැබිලා තියෙන්නේ.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us