Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

හිරු රෙකොඩින් එකෙන් පසු WTC එකේදී උමාරියා සිංහවංශට අතවරයක්

ඇත්තටම ජනප්‍රිය ගායිකා උමාරියාට වුනේ මොකක්ද..? 
Update 12/14/2012 16:50 PM

ගායිකාවගේ අතින් ඇල්ලුවේ පෙම්වතාලු

භාතිය-සන්තුෂ් සංගීත කණ්ඩායමේ ගායිකාවක වන ඔමාරියා සිංහවංශගේ අත ගාලු මෝදර රිය ගාලකදී අල්ලා හිරි හැර කළැයි කියන රම්සි ජෙයිනූරු නම් එෆ් එම් නිවේදකයා ඇගේ පෙම්වතා යැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියේ දී අද කියැවිණි.

එහෙත් පැමිණිල්ල ඉදිරිපත් කළ පොලීසිය පැවසුවේ ඔහු පෙම්වතකු නොව මිතුරකු බව ඇය කියා ඇති බවයි.

මේ ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා ඇය ද උසාවි කැඳවන්නැයි ජෙයනූර්ගේ නීතීඥවරයා ඉල්ලා සිටියේය.
මාර්තු 15 වැනිදා උසාවි පැමිණෙන්නැයි සිංහවශසට නොතීසි නිකුත් කරන ලෙස මහේස්ත්‍රාත් කණ්ෂ්ක විජේරත්න මහතා නියෝග කළේය.


අතවර චෝදනා ලැබූ ඩී.ජේ ට ඇප

ගායිකා උමාරියා සිංහවංශ මෙනෙවියට අතවර කරන ලද බවට චෝදනා ලැබූ ඩී ජේ වරයා රුපියල් 50,000 බැගින් වූ පුද්ගල ඇප දෙකක් මත ඇප ලබා දීමට කොටුව මහේස්ත්‍රාත් විසින් තීරණය කොට ඇත


Update 12/05/2012 21:33 PM
ගායිකා උමාරියා සිංහවංසට කලින් පෙම්වතාගෙන් අතවරයක්!

ජනප්‍රිය තරුණ ගායිකාවක් වන උමාරියා සිංහවංශ හට අතවරයක් සිදුවී ඇති බව වාර්තා වේ. තම සොහොයුරිය වන උමාරා සහ භාතිය සන්තුෂ් සමග ගී ගැයීමෙන් උමාරා සහ උමාරියා ජනාදරයට පත්විය.

අප වෙත වාර්තා වන අන්දමට තවමත් වයස 21 වන උමාරියා හට මෙම අතවරය සිදුකොට ඇත්තේ ඒ.බී.සී මාධ්‍යය ජාලයට අයත් සන් එෆ්. එම් ගුවන් විදුලි සේවයේ සේවකයෙකු වන රම්සි ජෙයහුර් විසිනි.

පසුගිය 11 වනදා උමාරියා භාතිය ජයකොඩි සමග ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ඇති හිරු එෆ්. එම් සේවයේ සාකච්චාවකට සහභාගීවීමෙන් අනතුරුව රාත්‍රී 11 ට පමණ භාතිය සමග මෝටර් රථයට ගොඩවීමට පැමිණ ඇත.

එම අවස්ථාවේ උමාරියාගේ කලින් පෙම්වතෙකු වූ රමසි ජෙයහුර් විසින් ඇගේ පසුපසින් ගොස් කතා කරන්නට උවමනා බව කියමින් පැත්තකට කැඳවාගෙන ගිය බවත් අනතුරුව ඇය පාළු ස්ථානයකදී අතවරයට ලක්කරන්නට උත්සාහ කළ බවත් වාර්තා වනවා.

ඔහුගෙන් බේරී පැන දිව ගිය උමාරියා අනතුරුව වාහනයට නැගගන්නට උත්සාහ කරන වේලාවේත් ඔහු ඇයට යන්නට නොදී ඉවතට ගන්නට තැත්කළ බව වාර්තා වුණා

මේ සිද්ධිය පිළිබඳ පොලිසියට දැන්වීමෙන් අනතුරුව අතවර කිරීමට තැත් කළේ යයි සැක පිට රම්සි ජෙයහුර් අත්අඩංගුවට පත්වුණා.

ඊයේ විභාග වූ නඩුවේදී සැකකරුට යළි ලබන 14 වනදා උසාවියේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නා.

උමාරියාගේ සොහොයුරිය වන උමාරා සින්හවංශ 2010 වසරේ යුග දිවියට එළඹුණේ ස්වණාභරණ හා මැණික් ව්‍යාපාරිකයෙකු වන රිෆ්කි ෆහ්මි සමගය







Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us