වැරදි දෙකකට අඩුවෙලා...
රිය පැදවීමේදී මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන්ට ලකුණු ලබාදී රියදුරු බලපත‍්‍රය අත්හිටුවීමේ සහ අවලංගු කිරීමේ ක‍්‍රමවේදය අද සිට රටපුරා කි‍්‍රයාත්මක කරන බව මෝටර් රථ ප්රවාහන කොමසාරිස් එච්.එස්. හරිස්චන්ද්‍ර මහතා කියයි.
‘‘අභිවෘද්ධි ලකුණු ක‍්‍රමය’’ නමින් මෙම වැඩසටහන කි‍්‍රයාත්මක වේ.
කෙසේ වෙතත් වැරදි 22 දෙකක් යටතේ මෙම ක‍්‍රමය කි‍්‍රයාත්මක වීමට නියමිත වුවද මාරාන්තික රිය අනතුරු හා බීමත්ව රිය පැදවීමට යන චෝදනා දෙකට මුලින්ම කි‍්‍රයාත්මක කර පසුව අනෙක් වැරදි වලට ලකුණු දීමේ ක‍්‍රමය ඇරඹෙනු ඇත.
මේ යටතේ සාමාන්‍ය රියැදුරු බලපත්‍රයක් දරන්නෙකු මාස 24 ක් ඇතුළත රියැදුරු අභිවෘද්ධි ලකුණු 24 ක් ලබාගත හොත් එම රියැදුරු බලපත්‍රය මාස 12ක කාලයක් අත්හිටුවේ.
ලකුණු 18ට වැඩි 23ට අඩු ප්‍රමාණයක් ලබාගත් විට මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල්වරයා විසින් ඔහුට අනතුරු හැඟවීමේ ලිපියක් යවනු ලැබේ. එහි අඩංගුවන්නේ ලකුණු 23 ඉක්මවූ විට රියදුරු බලපත්‍රය අවලංගු වන බවයි.
සාමාන්‍ය රියදුරු බලපත්‍රයක් දරන්නෙකු මාස 24ක් ඇතුලත රියදුරු අභිවෘද්ධි ලකුණු 24ට අඩු ප්‍රමාණයක් ලබා ඊලග අවුරුද්ද තුළ අභිවෘද්ධි ලකුණු ලබා නොගතහොත් එම ලකුණු වලින් 06ක් අඩු කරනු ලැබේ.
ඉන්පසු එලබෙන අවුරුද්දේ ලකුණු තව දුරටත් නොලැබ සිටියහොත් ඊලග වසරේ ඔහුගේ සියළුම අභිවෘද්ධි ලකුණු අහෝසිකෙරේ.
සාමාන්‍ය රියදුරු බලපත්‍රයක පරිවාස කාළය තුළදී රියදුරු අභිවෘද්ධි ලකුණු 06ක් ලබාගතහොත් පරිවාස කාළය තවත් වසරක් දීරඝකෙරෙන අතර 06ට වැඩියෙන් ලබාගත් විට එය අවලංගු කෙරේ එවිට නැවත රියදුරු බලපත්‍රයක් ලබාගත යුතුය.
රියදුරු උපදේශක බලපත්‍රය දරන්නෙකු මාස 24 ක් ඇතුලත අභිවෘද්ධි ලකුණු 12ක් ලබා ගතහොත් ඔහුගේ උපදේශක රියදුරු බලපත්‍රය මාස 12ක කාලයක් අත්හිටවනු ලැබේ.
වසර 04ක් ඇතුළත අභිවෘද්ධි ලකුණු 24 බැගින් ලබා රියදුරු බලපත්‍රය අත්හිටවනු ලැබුවහොත් එම උපදේශක බලපත්‍රය අවලංගු කරනු ලැබේ.