Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

Update(7) 01/02/2013 18:31 PM
මිනීමැරුමට දින දෙකකට පෙර කොළඹ ප්‍රසිද්ධ හෝටලයේ
මධුරංග හා පෙම්වතිය ඉඳලා (CCTV  සාක්ෂි)

පෙම්වතිය කිසිවක් දැනනොසිටි බව කියන කතාව බොරුවක්දැයි සැකයක්..

රටින් යන්නත් වීසා ඇප්ලයි කරලා..

වේල්ස්‌ කුමරි ගුරුවරිය සහ දරු දෙදෙනා ඝාතනයේ සැකකාර සැමියා යළි රිමාන්ඩ්

රහස්‌ ප්‍රකාශයකට සැකකරුට අවසර ලැබේ
ලැප්ටොප් පරිගණක දුරකථන අධිකරණයට..
පසුගිය දිනවල රටම කළඹවාලමින් රත්මලාන ප්‍රදේශයේ නිවසකදී තම බිරිය හා දරු දෙදෙනා ඝාතනය කළ සිද්ධියේ නඩු විභාගය ඊයේ පැවැත්වූ අතර එහිදී නවතම තොරතුරු ගණනාවක් අනාවරණය වුණා.සැකකාර සැමියා ලබන 07 වැනිදා තෙක්‌ තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගල්කිස්‌ස ප්‍රධාන මහෙස්‌ත්‍රාත් හා දිසා විනිසුරු නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය ඊයේ (01 වැනිදා) නියෝග කළාය.

ඒ අනුව ඝාතක මධුරංගගේ පෙම්වතිය බව කියන මීගමුවේ 21 හැවිරිදි තරුණිය මුලින් නොදන්නා බව කිව්වත් ඝාතකයා විවාහකයෙකු බව හා දරුවන් සිටින බව දැනසිටියේදැයි සැකයක් මතුව තිඛෙනවා.

ඇය මුලින් පොලිසියට සපයා තිබූ කට උත්තරයේ සඳහන්ව තිබුනේ තම පෙම්වතාගේ වයස විවාහකත්වය දරුවන් පදිංචි ප්‍රදේශය ආදී කරුණු වැරදි ආකාරයට දක්වමින් තමා රැවටූ බවත් ඒවා දැන සිටියේ නම් සම්බන්ධයක් අරඹන්නේ නැති බවත්ය. ඒ සමගම ඔවුන් හඳුනාගෙන මාස කිහිපයක් බවත් මුණගැසීම් සිදුව ඇත්තේ වරින්වර අවස්ථා කිහිපයකදී බවත් ඇය පවසා තිබුනා.

නමුත් පොලිසිය සිදු කළ විමර්ශන වලදී දැන් හෙළිදරව්වී තිඛෙන්නේ මෙම මිනී මැරුම සිදු කරන්නට දින දෙකකට පෙර 15 වනදා සැකකාර මධුරංග සමග මෙකී පෙම්වතිය කොළඹ පිහිටි සුප්‍රසිද්ධ ආපන ශාලාවක සතුටු සාමීචියේ යෙදෙමින් භෝජනයකට පැමිණි බවයි. ඔවුන් දෙදෙනා එක්ව දීර්ඝ වශයෙන් සිදු කළ සැලසුමක ප්‍රතිඵලයක් ලෙස මෙම මිනීමැරුම සිදුව ඇතිද යන්න ගැන දැන් සැකයක් මතුව තිඛෙනවා.

මෙකී සුප්‍රසිද්ධ ආපන ශාලාව CCTV කැමරා සවිකර තිබුණ එකක් වන අතර පොලිසියට ලැබුණ ඔත්තුව ඔස්සේ යමින් එහි වීඩියෝ දර්ශන සොයාගෙන බැලීමේදී ඔවුන් භෝජනය ලබාගන්නා දර්ශන ඇති වීඩියෝ කොටස සොයාගන්නට හැකිවී තිඛෙනවා

තරුණිය පොලිසියට පවසා තිබුනේ තම පෙම්වතා හඳුනාගෙන වැඩි කාලයක් නැති බව වුවත් ඇය හා ඝාතකයා අතර සම්බන්ධය ඇය කියනවාට වඩා දුරදිගගොස් තිබූ එකක්ද යන්න ගැනත් පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

ඇය හා ඝාතකයා ගමන් කර තිබූ හෝටල් හා අවන් හල් කිහිපයක් ගැනද පොලිසියට තොරතුරු ලැබී තිඛෙන අතර ඊයේ පැවති මහේස්ත්‍රාත් විභාගයේදී සැකකරු හා පෙම්වතිය ගමන් කර තිබූ ස්ථානවල සේවකයින්ගෙන් ප්‍රශ්න කරන ලෙසත් අදාළ සීසීටීවී වීඩියෝ ඇත්නම් ඒවායේ පිටපත් ලබාගන්නා ලෙසත් අධිකරණයෙන් උපදෙස් ලැබුණා.

මේ අතර සැකකරුගේ පෙම්වතියට ඔහු විසින් ඇය වෙනුවෙන් මිලටගෙන ලබාදී තිබුණ ජංගම දුරකථනයක් ඇති බවද පොලිසිය සොයාගත් අතර ඇය දුරකථන දෙකක් පාවිච්චි තර තිබුණ නිසා ඇයගේ අංක දෙකටම පැමිණි හා ලබාගත් ඇමතුම් ගැන වැඩිදුර විමර්ශන කරන්නටද උසාවියෙන් පොලිසියට අවසර ලැබුණා.

සැකකාර මධුරංග සතුව ලැප්ටොප් තුනක් ඩොන්ගල් දෙකක් හා ජංගම දුරකථන තුනක් තිබූ බවද පොලිසිය අනාවරණය කරගෙන තිඛෙනවා. ඊයේ උසාවියෙන් උපදෙස් ලැබුනේ ඒවායේ දත්ත පිළිබඳ පුළුල් විමර්ශන අරඹන ලෙසයි.

මේ අතරවාරයේ වාර්තාවූයේ මිනීමැරුම් පටලැවිල්ලට ඈඳුණ චරිතයක් බවට පත්වූ 21 හැවිරිදි තරුණිය සිය ජාත්‍යන්තර පාසල් රැකියාවද අතහැර දමා ලංකාවෙන් පිටතට යාමට වීසා අයදුම් කර ඇති බවයි. මේ ගැන පොලිසිය අධිකරණයට දැන්වීම නිසා පරීක්ෂණ කටයුතු අවසන් වනතුරු ඇයට ලංකාවෙන් පිටවීමට තහනම් නියෝගයක් අධිකරණයෙන් පනවනු ලැබුවා.

ත්‍රිත්ව ඝාතනය සම්බන්ධ සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ තබන්නට අධිකරණය නියෝග කළ අතර ලබන 7 වනදා යළි විභාගය අරඹන්නට නියමිතය. පොලිස් පරීක්ෂණ අනුව මේතාක් එළිනොවූ තවත් වැදගත් කරුණු රැසක් ඉදිරියට අනාවරණය වනු ඇතැයි විශ්වාස කෙරෙනවා.

රත්මලාන ත්‍රිත්ව ඝාතනය ගැන පෙර ලිපි

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us