Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

කැලණිය ප්‍රා. සභා මන්ත්‍රීගේ ඝාතකයෝ පැය 48 ක්‌ තුළ කොටුවෙති..

ඇමැති මර්වින්ගේ ලේකම් ඇතුළු 5 ක්‌ දැලේ

වෙඩික්‌කරු ඇල්ලුවේ ගුවන් තොටේදී

"මචං අපි යාළුවොනේ ඇයි මට වෙඩි තියන්නේ" කියා මඩවල කෑගසලා

කැලණිය ප්‍රා.මන්ත්‍රී හසිත මඩවල ඝාතනය කර ඇත්තේ ඝාතකයාගෙ වත්තට  පොල් ගෙඩි වැටුන නිසා ඇතිවූ පුද්ගලික ප්‍රශ්නයකටලූ
කැලණිය ප්‍රා.මන්ත්‍රී හසිත මඩවල ඝාතනයට සැක කරන පුද්ගලයින් බඩුත් සමග ඊයේ හසුවූ පසු ඒ අය අතර ඇමති මර්වින්ගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් සිංගප්පූරු සරත්, සම්බන්ධීකරණ නිලධාරී සමන් ඇතුළු පිරිසක් සිටි බව ඊයේ අනාවරණය කෙරුණා.

එම පිරිස සිදු කළා යයි කියන පාපොච්චාරණ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
දැන් ප්‍රකාශ කරන්නේ මෙය ඔවුනගේ පුද්ගලික කෝන්තරයක් මත සිද්ධවූ ආරවුලක් මත සිදු කළ ඝාතනයක් බවයි.රංගන නමැත්තා මෙම ඝාතනය සඳහා ඉදිරිපත්ව ඇත්තේ කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් සිය මවට පහරදී බැණ වැදුණු බව කියන සිද්ධියක් මුල් කරගෙන බව පොලිසිය පවසනවා.

එම සිද්ධියේදී හසිත මඩවල මහතාද රංගනගේ මවට බැණවැදී ඇති නිසා තමන් මඩවල මහතා ඝාතනය කිරීමට ගිය බව ඔහු පවසා තිඛෙනවා.

පොලිසිය දක්වන ආකාරයට විස්තර මෙසේය.

රංගන පෙරේරා කැලණිය නුංගමුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. උත්සව සඳහා කෑම සැපයීමේ කේටරින් සර්විස් ව්‍යාපාරයක් කරගෙන ගිය ඔහු සිංගප්පූරුවට ගොස් භාණ්ඩ රැගෙනවිත් විකිණීමේ ව්‍යාපාරයක්ද කරගෙන ගොස් තිඛෙනවා. රංගනගේ මව, පියා සහ නැගණිය හා නැගණියගේ දරුවන්ද නුංගමුගොඩ නිවසේ පදිංචිව සිටින බවත් යාබද ඉඩමේ පොල් ගසකින් තම ඉඩමට ගෙඩි වැටෙන බව කියමින් රංගනගේ මව නිතරම අසල්වැසි පදිංචිකරුවකු සමග ආරවුල් ඇතිකරගෙන තිඛෙන බවත් පැවසෙනවා.

පසුගිය දෙසැම්බර් මාසයේ මුල් සතියේ දිනක ඇය කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා හමුවීමට ගොස් මෙම පොල් ගසේ ප්‍රශ්නය පිළිබඳව ඔහුට පැමිණිලි කර තිඛෙනවා.රංගන ඇමැති මර්වින් සිල්වාගේ සමීපයෙකු නිසා සභාපතිවරයා මවගේ පැමිණිල්ල එතරම් ගණනකට ගෙන නැති අතර මව සහ සභාපතිවරයා අතර බහින්බස් වීමක් ඇතිවී මවට පහරදී බැණ වැදී ඇය පන්නාගෙන තිඛෙන බව කියැවෙනවා.

මෙම සිද්ධිය වන අවස්ථාවේ හසිත මඩවලද සභාපතිවරයා සිටි කාමරයට යාබද කාමරයේ සිට ඇති නමුත් තමන්ට පහරදුන් බව පවසමින් රංගනගේ මව පිහිට ඉල්ලා හසිත මඩවල මුණගැසුණ විට ඔහුද ඇයට පරුෂ වචනයෙන් බැණ වැදී පන්නාගෙන තිඛෙන බව ඔහු ප්‍රකාශ කරනවා. එම අවස්ථාවේ රංගන සිංගප්පූරුවේ සිටි බවත් තම මවට පහර දීම සම්බන්ධයෙන් කෝපයට පත්ව සිටි රංගන සිංගප්පූරුවේ සිට ලංකාවට පැමිණ මෙම ඝාතනය සැලසුම් කර ඇති බවත් පැවසෙනවා.

එයට රංගනගේ පියාත් රංගනගේ මාමා (මවගේ සොයුරු) වන බව කියන මර්වින්ගේ පාර්ලිමේන්තු ලේකම් සිංගප්පූරු සරත් හා තවත් දෙදෙනෙකු හවුල් කරගෙන තිඛෙනවා.සිංගප්පූරු සරත් නමැත්තා තමන්ට අයත්ව තිබූ ටී. 81 වර්ගයේ ගිනි අවියක් සහ මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝලයක් මෙම කටයුත්තට ලබාදී තිඛෙනවා.

මඩවලගේ ගමන් බිමන් පිළිබඳව ත්‍රිරෝද රථයක යමින් සොයා බලා ඔත්තු සැපයීමේ කාර්යය රංගනගේ පියා සිදු කර තිබුණා.මඩවල ඝාතනය කිරීම සඳහා යැමට යතුරු පැදියක් යොදාගත් බවත් එය පැදවීමේ කටයුත්ත කේටරින් ආයතනයේ සේවය කරන 17 හැවිරිදි තරුණයකු වෙත භාර කළ බවත් රංගන කියා තිඛෙනවා.මර්වින් සිල්වා මහතාගේ සම්බන්ධීකරණ නිලධාරියකු ලෙස කටයුතු කරන සමන් නමැත්තාද මෙයට හවුල්වී තිඛෙනවා.

ඉකුත් 05 වැනිදා රාත්‍රි මඩවල මහතා ඝාතනය කිරීමට සැලසුම් සකසා රංගනගේ පියා ත්‍රිරෝද රථයෙන් ගොස් මඩවලගේ නිවස අසල රැකගෙන සිටි බව කියැවුණා.මඩවල මහතා නිවසට පැමිණ ඇත්තේ රාත්‍රි 7.30 ට පමණය. ඔහු නිවස අසල මෝටර් රථය නතර කරගෙන මිතුරන් දෙදෙනකු සමීපයේ සිට ඇත.
එම මිතුරන් දෙදෙනා අසල තිබූ කඩයකට ගිය අවස්ථාවේ රංගනගේ පියා සිය පුත්‍රයාට දුරකථන ඇමතුමක් ලබා දී ඝාතනය සඳහා දැන් සුදුසු අවස්ථාව උදාවී ඇතැයි පවසා ඇත.

රංගන 17 හැවිරිදි තරුණයා ද සමග යතුරු පැදියෙන් මඩවල මහතා රැඳී සිටි ස්ථානය වෙත පැමිණ ඉන් බැස මඩවල අසලට ගොස් උඹ අපේ අම්මට කළේ මහ බලු වැඩක් යනුවෙන් පවසා එකවරම ඔහුට වෙඩි ප්‍රහාර හයක් එල්ල කර තිඛෙනවා.

වෙඩි ප්‍රහාර එල්ල වන අවස්ථාවේ ඔහු කෑ ගසමින් කියා ඇත්තේ මචං අපි යාළුවොනෙ. ඇයි මට වෙඩි තියන්නේ...ලෙසිනි.ඒ සමගම ඔවුන් පළාගිය බව කියැවුණා.

මඩවලට වෙඩි තැබූ රංගන සහ තරුණයා මුලින්ම පැන ගොස් ඇත්තේ මීගමුව ප්‍රදේශයේ නිවසක් වෙතය. රංගනගේ මස්සිනා එම නිවසේ පදිංචිව සිටි අතර ඔහු මොවුන් දෙදෙනාට රැකවරණය ලබා දී ඇත.
වෙඩි තැබීම සිදු කළ ස්ථානයේ සිට මීගමුවට යන තුරු රංගනගේ ආරක්ෂාව සඳහා මර්වින් සිල්වාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු බව කියන සමන් නමැත්තා ද සිය ඩබල් කැබ් රථයෙන් ගොස් ඇති බව පරීක්ෂණවලින් හෙළි වී තිඛෙනවා.


වෙඩි ප්‍රහාරවලින් බරපතළ තුවාල ලැබූ හසිත මඩවල මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියා.මෙම ඝාතනයෙන් පසු ප්‍රදේශයේ ජනතාව දැඩි ලෙස නොසන්සුන් වූ අතර පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වුණා.

ඝාතකයා මඩවල මහතාට වෙඩි තැබීමෙන් පසු ඒ බව මුලින්ම දැනුම් දී ඇත්තේ සිංගප්පූරු සරත් නමැත්තාටය. පසුව ඔහු මේ පිළිබඳව මර්වින් ඇමතිවරයාට දැනුම් දී ඇති බවද අනාවරණය වී තිඛෙනවා.
මඩවල මහතාට වෙඩි තැබීම සඳහා යොදාගත් ඉතාලියේ නිෂ්පාදිත මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝලයක්, ඝාතකයන් පැමිණි යතුරුපැදිය, ඔත්තු බැලීමට යොදාගත් ත්‍රිරෝද රථයද මේ වන විට රහස් පොලිසිය භාරයට ගෙන තිඛෙනවා.


හසිත මඩවල මහතා ඝාතනය කිරීමෙන් පසු රංගනට නැවත සිංගප්පූරුව බලා යැමට ගුවන් ගමන් බලපත්‍රය ලබා දී ඇත්තේ සිංගප්පූරු සරත් නමැත්තා විසින් ය. ඊට අමතරව ඔහු අතට ඇමරිකානු ඩොලර් 1000 ක මුදලක්‌ ද ලබා දී ඇත.

රංගන සිංගප්පූරුවට යෑවීමේ කාර්ය භාරය ක්‍රියාත්මක කර ඇත්තේ මර්වින් සිල්වාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු බව කියන සමන් නමැත්තා විසිනි.


හසිත මඩවල සහ රංගන පෙරේරා කුඩා කල සිට දැන හඳුනන අතර ඔවුන්ගේ නිවෙස් පිහිටා ඇත්තේද කැලණිය නුංගමුගොඩ ප්‍රදේශයේය. රංගනත් මඩවලත් දේශපාලනය කර ඇත්තේ එකටය. ඔවුහු ඇමැති මර්වින් සිල්වා ජයග්‍රහණය කරවීම සඳහා එකට කටයුතු කළ අය වනවා.පසුකලෙක කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරු 12 දෙනෙක් ඇමැති මර්වින් සිල්වාගේ ක්‍රියා කලාපයට එරෙහිව නැගීසිටි විට හසිත මඩවලද ඒ අතර මර්වින්ට එරෙහි ප්‍රබල චරිතයක් බවට පත්ව සිටියා.

හසිත මඩවල මර්වින් සිල්වාට එරෙහි වුවද රංගන පෙරේරා දිගින් දිගටම ඇමැතිවරයාට සහාය දක්වමින් සිටි බවත් ඔහු ඇමැතිවරයාගේ සංවිධායකවරයකු ලෙසද කටයුතු කළ බවත් කියැවුණා.රංගන මෙම ඝාතනය සඳහා ඉදිරිපත්ව ඇත්තේ කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් සිය මවට පහරදී බැණ වැදුණු බව කියන සිද්ධියක් මුල්කරගෙන බව කියැවුණත් ඔවුන් මුලින් බැණ වැදුණ සභාපතිවරයා වෙනුවට මරන්නට තෝරාගෙන තිඛෙන්නේ අල්ලපු කාමරයේ සිටි මඩවලයි.

කෙසේ වෙතත් පාපොච්චාරණ අනුව අවසාන නිගමනය වී ඇත්තේ මෙය පොල් ගෙඩි සම්බන්ධ පුද්ගලික ප්‍රශ්නයකට සිද්ධවූ මිනීමැරුමක් බවය. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. හසිත මඩවල මහතාගේ අවසන් කටයුතු අද(9) සිදු කිරීමටද නියමිතය.


Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us