Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

නෝ ලිමිට් ජාතියෙන් සමාව ගනී...

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ රෙදිපිලි වෙළඳ සැල් ජාලයක් වන නෝ ලිමිට් ආයතනය මහරගමදී මුළු මහත් ජාතියෙන් සමාව ඉල්ලා තිබේ...

ඊට හේතු වී ඇත්තේ සිංහල රාවය ජාතික සංවාධානයේ ජාතික සංවිධායක හිමියන්ට එරෙහිව ඔවුන් උසාවියේ පවරන ලද නඩුවක් ඔප්පු කර ගැනීමට නොහැකිව සමථයකට පත් වීමයි.
අන්තර්ජාල සමාජ ජාලා සහ විවිධ මාධ්‍යයන් ඔස්සේ නෝ ලිමිටි සමූහයට එරෙහිව ගෙන යන විරෝධතා රැල්ල හේතුවෙන් සිය සමාගමට මාසිකව රුපියල් ලක්‍ෂ 53ක් පාඩු සිදුවන බවත් ඒ සියල්ල මෙහෙයවන්නේ සිංහල රාවය ජාතික සංවිධානය බවත් පවසමින් පසුගිය දා එම සංවිංධානය විසින් නඩු පවරා තිබුනේ සිංහල රාවය ජාතික සංවිධානයෙන් එම මුදල් අයකර දෙන ලෙස ඉල්ලමිනි.

කෙසේ වෙතත් උසාවියේදී දෙපාර්ශ්වය විසින් නඩුව සමථයකට පත් කරගෙන ඇති අතර පසුව සිංහල රාවය ජාතික සංවිධානය චෝදනා කර තිබුනේ සංඝ සමාජයට අපහාස කිරීමේ වරදට නෝ ලිමිට් ආයතනය ජාතියෙන් සමාව ගත යුතු බවයි.

එම ඉල්ලීම මෙතෙක් ඉටු නොවීම හේතුවෙන් (19) පස්වරුවේ මහරගම නෝ ලිමිට් වෙළඳ සැල ඉදිරිපිටදී සිංහල රාවය ජාතික සංවිධානයේ විශාල පිරිසක් විසින් විරෝධතාවයක් පැවැත් වූ අතර එතැනට පැමිණි නෝ ලිමිට් සහකාර කළමණාකාරවරයා සමස්ථ සංඝ රත්නයෙන් සහ මුළු මහත් ජාතියෙන් සමාව ඉල්ලා සිටියේය.

ඒ පිළිබඳව මහරගම සිරි වජිරඥාන විහාරස්ථානයේ උඩුදුම්බර ලංකානන්ද හිමියෝ පවසන්නේ මෙවැන්නක්.

"පසුගිය දින වල හාමුදුරුවරුන් මෙම ව්‍යාපාර ජාලයට එරෙහිව වැඩ පිළිවෙලක් ගෙන ගියා. ඔවුන්ගේ ආයතන වලින් බඩු ගැනීමෙන් වලකින ලෙසට අපි ජන මතයක් හැදුවා. ඒ නිසා ඒ ව්‍යාපාරිකයන්ගේ ආදායම 30%කින් අඩු වුණා. පාඩුව කෝටි 300ක් ලු.

මේවට අපෙන් ප්‍රශ්න කළා. අන්තිමට හාමුදුරුවන්ට අපහාස නඩු දාලා 4 වෙනි තට්ටුවට රැගෙන යන්න වැඩ කළා. ඒ නිසා සිංහල ජාතියට කළ අපහාසයට විරුද්ධව මෙම විරෝධතාවය පැවැත්වුවා. බෞද්ධ බලය වැඩි මහරගම මෙම විරෝධතාවය පවත්වන්න අපි තිරණය කළා"

අනුරාධපුර අමිතානන්ද හිමිගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම විරෝධතාවයට සිංහල රාවය, බොදු බල සේනා, ජන විජය පදනම, ජාතික වියත් සමුළුව ඇතුළු බෞද්ධ සංවිධාන රාශියක් එක්වූ බව දැනගන්නට ලැබෙනවා. නමුත් බොදු බල සේනා වෙබ් අඩවියේ සඳහන් වන්නේ මේ සඳහා ඔවුන්ගේ දායකත්වයක් නැති බවයි.

අවසානයේ විරෝධතාකරුවන් සවුදි ආරාබියේ මරණ දඩුවම් නියම කර ඇති තුංගසිරි වෙනුවෙන්ද සවුදි රජයට විරෝධය පාමින් අබ්දුල්ලා රජුගේ පිළිරුවක්ද ගිණිබත් කලහ.





Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us