Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

තමන් හමුදාවට බැඳෙන විට ඩොලර් එකක් රුපියල් 4ක් බවත්, වත්මන් රජය බලයට පත්වන විට ඩොලර් එක රුපියල් 100ක් බවත් මේවන විට රුපියල් 130ක් වන ඩොලර් එක මෙම ආණ්ඩුව තවත් අවුරුදු 5ක් තිබුණොත් රුපියල් 200ක් වන බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පවසයි.

අවුරුදු 60ක් තිස්සේ මේ රටේ ආණ්ඩු මාරු වුණ නමුත් ලොව සෙසු රටවලට සාපේක්ෂව අපේ රට ඉදිරියට නොගිය බව හෙතෙම කියයි.

විදේශ රටවලින් ණය ‍ලබාගන්නේ රට දියුණු කිරීමට මුවාවෙන් කොමිස් ගැසීමට බව ඔහු පෙන්වාදෙයි.
ආණ්ඩුව හිතන්නේ ජනතාවට තාම ප්‍රශ්නයක් නෑ කොස් ගෙඩියක්, දෙල් ගෙඩියක්, වත්තෙන් ඵලා ටිකක් කඩාගෙන තම්බගෙන කාලා ඔවුන්ට යහතින් ඉන්න පූළුවන් යැයි කියා බව සරත් ෆොන්සේකා මහතා පවසයි.

ලෝකයේ තියෙන ඉහළම මිල අධික වාහනවල තම දරුවෝ යා යුතුයි යන අපේක්ෂාවෙන් පාලකයින් පෙළෙන බව හෙතෙම පෙන්වාදෙයි.

මේ සියල්ලටම ප්‍රශ්නය වී ඇත්තේ විපක්ෂයක් නැති කමත් විපක්ෂයේ නායකයින් එකිනෙකා කා ගන්නා බැවින් වසර කිහිපයක් ගත වුවද කෙසේ හෝ රටට ආදරය කරන ජනතාවට ආදරය කරන දේශපාලන ගමනක් යා යුතු බවත් ඔහු කියයි.

ජනතාවට ශක්තිමත් විපක්ෂයක් අවශ්‍ය නමුත් විපක්ෂයේ පිරිස් එක්කෙනාට එක්කෙනා යටිකූට්ටු වැඩවල නිරත වන බවත් සරත් ෆොන්සේකා මහතා පෙන්වාදෙයි.

එකිනෙකාට පුද්ගලික න්‍යාය පත්‍ර තිබෙන නමුත් රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයේ සියලුදෙනා සන්ධානයක් ඔස්සේ ඒකාරාශි කිරීමට දැරූ උත්සහාය ව්‍යර්ථ වූ බවත් හෙතෙම සඳහන් කරයි.

එජාපයේ සමහරු බලය ඕනැ කියා කෑ ගසමින් පාලනය ඉල්ලා සිටින්නේ තමන් හැදීමට මිස මිලියන 20ක් වන ජනතාව ගැන සිතා නොවන බව ඔහු කියයි.

මහනුවර කුණ්ඩසාලේ දිගන ප්‍රදේශයේදී  (24) පැවැති ජනහමුවකදී හිටපු හමුදාපතිවරයා මේ අදහස් දැක්වීය.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us