සමාජයේ විවිධ තැන්වල දී සිදුවන කාන්තා හිංසන සහ පීඩාවන් සම්බන්ධයෙන් ක්ෂණිකව දැනුම් දීම සඳහා ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය මගින් 1938 නව දුරකතන අංකයක් හඳුන්වා දෙයි.
එම කාන්තා උපකාරක සේවා දුරකථන අංකය ඔස්සේ ලැඛෙන තොරතුරු අනුව, කායික හෝ මානසික හිංසනයට පත්වන කාන්තාවන්ට නීතිමය පිළිසරණ හා සහන ලබා දීම මෙහි අරමුණ වේ.
නව දුරකථන අංකය ඔස්සේ පැය 24 පුරාම මේ සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා කඩිනම් පියවර ගෙන ඇති බව ද ඇමැතිවරයා කියයි.
ඕනෑම දුරකථන ජාලයක් හරහා කාන්තා හිංසන සම්බන්ධ පැමිණිලි ත්‍රිවිධ භාෂා මාධ්‍යයෙන්ම දැනුම් දිය හැකිය.
නිවසේ දී , රැකියා ස්ථානයේ දී මෙන්ම බස් රියේ දී, දුම්රියේ දී සහ මගතොටේ දී නිරන්තරයෙන් කායික හා මානසික හිංසනවලට ලක් වන කාන්තාවන්ට හෝ එවැනි තොරතුරක් දන්නා ඕනෑම පුද්ගලයෙකුට 1938 දුරකථන අංකය අමතා තොරතුරු ලබා දිය හැකිය.
පැමිණිලි විමර්ශනය කිරීම සඳහා විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කර ඇති බවත් වින්දිතභාවය (හිංසනයට ලක් වූ) පත් කාන්තාවන් වෙනුවෙන් අවශ්‍ය නීතිමය පිළිසරණ හා සුරක්ෂිතභාවය සලසා දීමට එම ඒකකය පියවර ගන්නා බව ද වාර්තා වනවා.
බොහෝ විට කාන්තාවන් මෙවැනි සිදුවීම් හෙළි කිරීමට පසුබට වන අතර එවැනි හිංසනයන් පිළිබඳ තොරතුරක් ලද සැණින් වෙනත් පුද්ගලයෙකුට හෝ මේ අංකය අමතා ඒ පිළිබඳ දැනුම් දිය හැකි අතර සියළුම පැමිණිලිකරුවන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කිරීමට පොලිස් ඒකකය වගකීමෙන් බැඳී සිටින බව ද ඇමැතිවරයා පවසයි.
තොරතුරු ලද සැණින් එවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමටත් අසාධාරණයට ලක්වූ පාර්ශ්වය වෙනුවෙන් සාධාරණ නීතිමය පියවර ගන්නා බවත් වාර්තාවනවා.