දකුණු ඉන්දීය චිත්‍රපට රංගන ශිල්පීන්ගේ සංගමය විසින් මෙම එක්දින උපවාසය සංවිධානය කර ඇති බවත්, අප්‍රේල් මස 02 වන දින මෙම උපවාසය පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් කියැවෙයි.
රජිනිකාන්ත්, කමල් හසන් සහ විජෙයි යන ජනප්‍රිය දකුණ ඉන්දිය චිත්‍රපට නළුවන් තිදෙනා මෙම උපවාසයේ ප්‍රධානත්වය දැරීමට සූදානම්ව සිටින බව වාර්තා වේ.
මේ සදහා දකුණ ඉන්දීය චිත්‍රපට රංගන ශිල්පීන්ට අමතරව චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් සහ නිෂ්පාදකවරුන් ද,තමිල්නාඩු ශිෂ්‍ය සංගම් කිහිපයක්ද මෙම උපවාසයට සහය දැක්වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ශ්‍රී ලංකාවේ සිදු වූ බව කියන යුද අපරාධවලට විරෝධය පළ කරමින් තමිල්නාඩුවේ ශිෂ්‍ය සංගම් පසුගිය සති කිහිපයේද විරෝධතාවක නිරත විය.
ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට හිරිහැර සිදු වන බවට චෝදනා කරමින් මෙම උපවාසය සංවිධානය කරන බව දකුණු ඉන්දීය චිත්‍රපට රංගන ශිල්පීන්ගේ සංගමයේ සභාපති නදිගාර් සංගම් සදහන් පවසා ඇති බව ඉන්දීය මාධ්‍ය උපුටා දක්වයි.